ඇමරිකානු අභ්යවකාශ හමුදාව විසින් සතුරු චන්ද්රිකා ඉලක්ක කර ගනිමින් ඒවායේ සංඥා අක්රීය කළ හැකි නවතම විද්යුත් චුම්භක අවියක් හඳුන්වා දී තිබෙනවා. ‘Meadowlands’ ලෙස නම් කර ඇති මෙම පද්ධතිය, සතුරු චන්ද්රිකාවලට භෞතික හානියක් සිදු නොකරම ඒවායේ සන්නිවේදන කටයුතු සහ දත්ත හුවමාරුව තාවකාලිකව නතර කිරීමට සමත් වෙනවා. මෙය සතුරු රටවලට අයත් චන්ද්රිකා අක්රීය කරමින් අභ්යවකාශයේ පාලනය තමන් සතු කර ගැනීමට ඇමරිකාවට ලැබුණු විශාල ශක්තියක් ලෙසයි සැලකෙන්නේ.
මෙම උපකරණය ට්රේලරයක සවි කර ඇති ඇන්ටෙනා පද්ධතියකින් සමන්විත වන අතර, එය ඕනෑම ස්ථානයකට පහසුවෙන් ප්රවාහනය කිරීමට හැකියාව තිබෙනවා. පසුගිය කාලයේ ඉරානයේ න්යෂ්ටික මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් සිදු කළ මෙහෙයුම්වලදී මෙම තාක්ෂණය ඉතා සාර්ථකව භාවිත කළ බවත්, සතුරු සන්නිවේදන ජාල සම්පූර්ණයෙන්ම නිහඬ කිරීමට එය ඉවහල් වූ බවත් අභ්යවකාශ හමුදාව පවසනවා. 2019 වසරේදී අභ්යවකාශ හමුදාව පිහිටුවූ දා සිටම මෙවැනි නවීන තාක්ෂණික අවි සඳහා විශාල මුදලක් ආයෝජනය කරමින් සිටින අතර, අනාගත යුධ පිටියේදී අභ්යවකාශයේ ආධිපත්යය පවත්වා ගැනීම මෙහි ප්රධාන අරමුණයි.
මෙම පද්ධතිය ක්රියාත්මක කිරීම සඳහා විශේෂ පුහුණුවක් ලත් නිලධාරීන් පිරිසක් ද අභ්යවකාශ හමුදාව සතුයි. අද වන විට යුධ පිටියේදී චන්ද්රිකා තාක්ෂණය අත්යවශ්ය සාධකයක් වී ඇති නිසා, සතුරාගේ චන්ද්රිකා අක්රීය කිරීමේ හැකියාව ඕනෑම රටක හමුදාවකට විශාල වාසියක් ලබා දෙනවා. කෙසේ වෙතත්, මෙම අවිය මගින් චන්ද්රිකා ස්ථිරවම විනාශ නොකරන නිසා එය ‘ප්රතිවර්තනය කළ හැකි බලපෑමක්’ (reversible effect) ලෙසයි හමුදා විශේෂඥයන් හඳුන්වන්නේ.

Discussion & Feedback