විලාසිතා ලෝකයේ නවමු අත්දැකීමක් එක් කරමින්, සමාජයේ විවිධ ලේබල්වලින් බැහැරව සැමට සමාන අවස්ථාවක් ලබා දීමේ අරමුණින් ‘ද අන්ලේබල්ඩ් රන්වේ 2026’ (The Unlabelled Runway 2026) පසුගියදා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්වුණා. කැරොලයින් ජේ ග්ලෝබල් හෝල්ඩින්ග්ස් ආයතනය විසින් සංවිධානය කළ මෙම වැඩසටහන, සාමාන්‍ය විලාසිතා දැක්මකින් ඔබ්බට ගොස් ආබාධ සහිත පුද්ගලයින්, පිළිකා රෝගීන් සහ ඔවුන් ජයගත් අය මෙන්ම විවිධ පසුබිම්වලින් පැමිණි පිරිස් එකම වේදිකාවකට ගෙන ඒමට සමත් වුණා. සමාජය විසින් මිනිසුන් මත පටවන ලේබල් ඉවත් කර, සෑම කෙනෙකුටම තමන්ගේ අනන්‍යතාවය ගැන ආඩම්බර විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වුණා.
මෙම වැඩසටහන සඳහා SOS ළමා ගම්මාන, ඉන්දිරා පිළිකා භාරය සහ රොෂාන් මහානාම භාරය වැනි ආයතන රැසක් එක්ව සිටීම විශේෂත්වයක්. විශේෂයෙන්ම පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම සඳහා වෙන් කළ ‘පින්ක් රන්වේ’ (Pink Runway) කොටස බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්තා. විලාසිතා හරහා මිනිසුන්ට ආත්ම විශ්වාසය ලබා දීම සහ සමාජයේ වැදගත් සංවාද ඇති කිරීම ගැන කැරොලයින් ජූරි මහත්මිය මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූවා. එමෙන්ම, මෙම උත්සවයට සමගාමීව කැරොලයින් ජේ ග්ලෝබල් හෝල්ඩින්ග්ස් ආයතනයේ නව වෙබ් අඩවිය ද එළිදැක්වූ අතර, ඉදිරියේදී ඔවුන්ගේ සමාජ සත්කාරක වැඩසටහන් පිළිබඳ තොරතුරු එහිදී දැකගන්න පුළුවන්. විලාසිතා සහ සමාජ සත්කාරය එකම තැනකදී අත්විඳීමට ලැබුණු මෙම අවස්ථාවට බොහෝ පිරිසක් සහභාගී වී සිටියා.

Discussion & Feedback