ලොව පුරා ඉමහත් ජනප්රියත්වයට පත් ‘ද ට්රේටර්ස්’ (The Traitors) රියැලිටි වැඩසටහන තවත් වාර තුනක් සඳහා අලුත් කිරීමට Peacock ආයතනය තීරණය කරලා තියෙනවා. මේ වන විටත් තුන්වන වරටත් එමී සම්මානයෙන් පිදුම් ලැබූ මෙම වැඩසටහන, ඉදිරියේදී 8 වන වාරය දක්වාම ප්රේක්ෂකයන්ට නැරඹීමේ අවස්ථාව ලැබෙනවා. ඇලන් කමින්ගේ අපූරු මෙහෙයවීම යටතේ විකාශය වන මෙම වැඩසටහන, මේ වන විට Peacock නාලිකාවේ දෙවන විශාලතම වැඩසටහන බවට පත්වෙලා තියෙනවා. පසුගිය වාරයේදී ප්රේක්ෂක ප්රතිචාර 72% කින් ඉහළ යාම නිසා ඔවුන් මේ තීරණය ගෙන තිබෙනවා.
ඕලන්දයේ ‘De Verraders’ වැඩසටහන ඇසුරින් නිර්මාණය වූ මෙහි, තරගකරුවන් ‘විශ්වාසවන්තයන්’ සහ ‘ද්රෝහීන්’ ලෙස කොටස් දෙකකට බෙදෙනවා. ද්රෝහීන් කවුදැයි සොයා ගැනීමට අනෙක් අය උත්සාහ කරන අතරතුර සිදුවන කුමන්ත්රණ සහ උපාය මාර්ග නිසා මෙය ඉතාම උද්වේගකර වැඩසටහනක් බවට පත්වෙලා තියෙනවා. ස්කොට්ලන්තයේ සුන්දර පරිසරයක රූගත කරන මෙම වැඩසටහනට ලොව පුරා ප්රසිද්ධ තරු රැසක් එක්වෙනවා. ඉදිරියේදී සාමාන්ය ජනතාව සහභාගී වන විශේෂ සංස්කරණයක් සැප්තැම්බර් 17 වැනිදා සිට විකාශය වීමට නියමිතයි. ඒ වගේම 5 වන වාරය ලබන වසරේදී අපිට බලාගන්න පුළුවන්.
මෙම වැඩසටහන ගැන අදහස් දක්වපු ඇලන් කමින් පවසන්නේ, ද්රෝහීකම සහ කුමන්ත්රණ ගැන කතා කරන වැඩසටහනක් වුණත්, ලොව පුරා සිටින විවිධ ජාතීන්ගේ ප්රේක්ෂකයන් එකතු කිරීමට මෙය සමත් වී ඇති බවයි. ඇත්තටම මේක ලෝකයේම අවධානය දිනාගත්ත අපූරු රියැලිටි අත්දැකීමක්.

Discussion & Feedback