ඉදිරියේදී එනම් 2026 අගෝස්තු 12 වැනිදා සිදුවීමට නියමිත පූර්ණ සූර්යග්‍රහණය ලෝකවාසීන්ට ඉතාමත් සුවිශේෂී අත්දැකීමක් වනු ඇති බව විද්‍යාඥයින් පවසනවා. සූර්යග්‍රහණයකදී සඳු විසින් සූර්යයා සම්පූර්ණයෙන්ම වසාගත් විට මතුවන සූර්ය කිරීටය හෙවත් ‘කොරෝනා’ (Corona) කොටස දෙස බැලීම ඇත්තෙන්ම විශ්මිත දසුනක්. සූර්යයාගේ චුම්භක ක්ෂේත්රය නිරන්තරයෙන් වෙනස් වන නිසා, සෑම සූර්යග්රහණයකදීම අපට දකින්න ලැබෙන මේ සූර්ය කිරීටයේ හැඩය සහ ස්වභාවය එකිනෙකට වෙනස් වෙනවා. ඒ නිසා 2026 වසරේදී අප දකින සූර්ය කිරීටය මීට පෙර කිසිදාක නොදුටු, නැවත කිසිදාක නොදකින අද්විතීය දසුනක් වනු නොඅනුමානයි.
සූර්යයාගේ ක්‍රියාකාරීත්වය වසර 11ක චක්‍රයකට අනුව සිදුවන අතර, මේ වන විට සූර්යයා එහි උපරිම ක්රියාකාරීත්වයක පවතින කාලයකට එළඹෙමින් සිටිනවා. මේ නිසා සූර්යයා මත ඇතිවන ලප සහ චුම්භක බලපෑම් හේතුවෙන් මෙවර සූර්ය කිරීටය වඩාත් සංකීර්ණ සහ විශාල එකක් වනු ඇතැයි විද්‍යාඥ රයන් ෆ්‍රෙන්ච් පෙන්වා දෙනවා. සාමාන්‍යයෙන් සූර්යයාගේ දීප්තිය නිසා අපට නොපෙනෙන මෙම සූර්ය කිරීටය, පූර්ණ සූර්යග්‍රහණයකදී පමණක් නිරුවත් ඇසින් දැකගැනීමේ දුර්ලභ අවස්ථාව ලැබෙනවා. කැමරාවකට වඩා මිනිස් ඇසට මේ දර්ශනයේ ඇති ගැඹුර සහ විස්තරාත්මක බව හොඳින් ග්‍රහණය කරගැනීමට හැකි වීම තවත් විශේෂත්වයක්. එනිසා අහස නිරීක්ෂණය කරන බොහෝ දෙනෙකුට මෙය ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන අසිරිමත් අත්දැකීමක් වනු ඇති බවට සැකයක් නැහැ.

Discussion & Feedback