සූර්යයාගේ මතුපිට උෂ්ණත්වයට වඩා එහි පිටත වායුගෝලය හෙවත් කොරෝනා කලාපය අතිශයින්ම උණුසුම් වීමට හේතුව කුමක්දැයි දශක ගණනාවක් තිස්සේ පැවති අභිරහස විසඳීමට විද්යාඥයන් සමත් වෙලා තියෙනවා. නාසා ආයතනයේ පාකර් සූර්ය ගවේෂණ යානය ලබාගත් දත්තවලට අනුව, සූර්ය වායුගෝලය හරහා ගමන් කරන කොස්මික් දූවිලි අංශු මේ සඳහා ප්රධාන හේතුවක් බවයි පර්යේෂකයන් පවසන්නේ. සාමාන්යයෙන් සූර්යයාගේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 5,500ක් පමණ වුණත්, එහි පිටත වායුගෝලයේ උෂ්ණත්වය මිලියන ගණනක් දක්වා ඉහළ යාම මෙතෙක් විද්යා ලෝකයට විශාල ප්රශ්නයක් වෙලා තිබුණා.
ඇලබාමා විශ්වවිද්යාලයේ පර්යේෂක සයිඩ් අයාස් ප්රමුඛ කණ්ඩායම පෙන්වා දෙන්නේ, සූර්ය සුළං සමඟ ගමන් කරන මෙම කුඩා දූවිලි අංශු සූර්යයාගේ චුම්භක ක්ෂේත්ර සහ ප්ලාස්මා තරංග සමඟ අන්තර්ක්රියා කරන බවයි. මෙම දූවිලි අංශුවල ඇති විද්යුත් ආරෝපණය සහ ස්කන්ධය මගින් සූර්ය ශක්තිය කොරෝනා කලාපය තුළ ගබඩා කර රත් කිරීමට විශාල බලපෑමක් කරනවා. පාකර් යානයේ තිබූ ඇන්ටනා මගින් හඳුනාගත් අසාමාන්ය වෝල්ටීයතා වෙනස්කම්වලින් මේ බව තහවුරු වුණා. මින් ඉදිරියට සූර්යයා පිළිබඳ සිදුකරන ඕනෑම ගවේෂණයකදී මෙම දූවිලි අංශු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුවන බවත්, මෙය සූර්ය භෞතික විද්යාවේ නව පිටුවක් පෙරළීමක් බවත් විද්යාඥයන් විශ්වාස කරනවා.

Discussion & Feedback