අපේ සූර්යයා ගැන අපි හැමෝම දන්නවා, හැබැයි මේ තරුණ කාලේ සූර්යයා හරිම භයානක වැඩක් කරලා තියෙනවා කියලා අලුත්ම පර්යේෂණයකින් හෙළි වෙලා තියෙනවා. විද්යාඥයන් කියන විදිහට, මීට බිලියන ගණනාවකට කලින් සූර්යයා තමන්ගේ වටේ තිබුණු පෘථිවිය වගේ කිහිප ගුණයක් විශාල ‘සුපර්-අර්ත්’ (Super-Earth) ග්රහලෝකයක් ගිල දාලා තියෙනවා. මේ සිදුවීම සූර්යයාගේ අභ්යන්තර ව්යුහයේ අදටත් රහසක් විදිහට සැඟවිලා තියෙනවා කියලා තමයි පර්යේෂකයන් විශ්වාස කරන්නේ.
තුර්කියේ ඒජ් විශ්වවිද්යාලයේ මතුලු යිල්ඩිස් සහ ඔහුගේ කණ්ඩායම මේ ගැන දීර්ඝ අධ්යයනයක් කරලා තියෙනවා. ඔවුන් කියන විදිහට සූර්යයාගේ මතුපිට ලිතියම් මූලද්රව්යය අඩු වෙලා තියෙන්නෙත්, සූර්යයාගේ අභ්යන්තරයේ තියෙන අමුතු වෙනස්කම්වලටත් හේතුව වෙලා තියෙන්නේ මේ ග්රහලෝකය ගිල දැමීමයි. සාමාන්යයෙන් වෙනත් තරු පද්ධතිවල මේ වගේ සුපර්-අර්ත් ග්රහලෝක බහුලව දකින්න ලැබුණත්, අපේ සෞරග්රහ මණ්ඩලයේ ඒවා නැති වෙන්න හේතුව මේ විනාශකාරී සිදුවීම වෙන්න පුළුවන්.
අති නවීන පරිගණක මෘදුකාංග භාවිතා කරලා කරපු මේ පර්යේෂණයෙන් පේන විදිහට, සූර්යයා විසින් ගිල දමපු ග්රහලෝකය පෘථිවිය වගේ පස් ගුණයක් හෝ දහ ගුණයක් විශාල එකක් වෙන්න ඕනේ. සූර්යයාගේ මුල් කාලයේදී ඒ වටා තිබුණු දූවිලි සහ වායු වළාකුළු අතරින් මේ ග්රහලෝකය සූර්යයා දෙසට ඇදී ඇවිත් තියෙනවා. කොහොම වුණත්, මේක තවමත් න්යායක් විතරයි. සූර්යයාගේ අභ්යන්තරයේ තියෙන මේ රහස් තවමත් විද්යාඥයන්ට ලොකු ප්රහේලිකාවක් වෙලා තියෙනවා.

Discussion & Feedback