ලොව පුරා අතිශය ජනප්‍රිය වුණු ‘ද සොප්රානෝස්’ (The Sopranos) ටෙලි කතා මාලාවේ සැල්වටෝර් බොන්පෙන්සියෙරෝගේ චරිතයට පණ පෙවූ ප්‍රවීණ නළු වින්සන්ට් පැස්ටෝර් වයස අවුරුදු 80ක්ව තිබියදී අභාවප්‍රාප්ත වෙලා කියන දුක්බර ආරංචිය මේ වෙනකොට ලෝකය පුරාම පැතිරිලා තියෙනවා. පසුගිය අගෝස්තු පළමුවැනිදා නිව්යෝර්ක් නුවර බ්‍රොන්ක්ස් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ඔහු මියගොස් සිටියදී සොයාගෙන තියෙන්නේ අසල්වැසියෙක් කළ දැනුම්දීමකට අනුවයි. ඔහු දින කිහිපයක් යනතුරු කිසිවෙකුටත් දකින්න නොලැබුණු නිසා ඇතිවුණු සැකය මත තමයි මේ පරීක්ෂාව සිදුකරලා තියෙන්නේ. ඔහුගේ මරණයට නිශ්චිත හේතුව තවමත් අනාවරණය වෙලා නැති අතර, ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා.
1946 ජූලි 14 වැනිදා බ්‍රොන්ක්ස් හි උපත ලැබූ වින්සන්ට් පැස්ටෝර්, රංගන ක්ෂේත්රයට පිවිසෙන්න කලින් වියට්නාම් යුද්ධයටත් සම්බන්ධ වෙලා තියෙනවා. ඉන් පසුව ඔහු නිව්යෝර්ක් නුවර පේස් විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය කලාව පිළිබඳව හැදෑරීම් සිදුකරලා තියෙනවා. ද සොප්රානෝස් කතා මාලාව හරහා ලොව පුරා රසිකයන්ගේ ආදරය දිනාගත්ත ඔහු, රංගන ශිල්පියෙක් විදිහට තමන්ගේ සුවිශේෂී දක්ෂතා පෙන්වන්න සමත් වුණා. ඔහුගේ වියෝව රසිකයන්ට වගේම කලා ලෝකයටත් ලොකු පාඩුවක්. ඔහුගේ ආත්මයට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතරම, ඔහු රංගනයෙන් දායක වුණු නිර්මාණ හරහා ඔහු සැමදා රසිකයන්ගේ මතකයේ රැඳෙනු නොඅනුමානයි.

Discussion & Feedback