ලෝක ප්‍රසිද්ධ ‘ද සොප්රානෝස්’ (The Sopranos) ටෙලි කතා මාලාවේ ‘බිග් පුසී’ ලෙසින් අප අතරට ආ ජනප්‍රිය ඇමරිකානු නළු වින්සන්ට් පැස්ටෝර් වයස අවුරුදු 80 දී අභාවප්‍රාප්ත වෙලා. නිව්යෝර්ක් නුවර බ්‍රොන්ක්ස් හි පිහිටි ඔහුගේ නිවසේදී ඔහු මියගොස් සිටියදී හමුවී ඇති අතර, මරණය සම්බන්ධයෙන් කිසිදු සැක සහිත කරුණක් වාර්තා වෙලා නැහැ. ඔහු රඟපෑ ‘සැල්වටෝර් බොන්පෙන්සියෙරෝ’ චරිතය ටෙලි කතා ඉතිහාසයේ අමතක නොවන චරිතයක් බවට පත් වුණා.
වින්සන්ට්ගේ කළමනාකරු පවසන විදිහට, ඔහු රංගනයට හරිම ආදරය කරපු කෙනෙක්. තරුණ නළු නිළියන්ට නිතරම උදව් උපකාර කරමින්, ඔවුන්ව දිරිමත් කරන්න ඔහු සැමවිටම කටයුතු කළා. ‘ද සොප්රානෝස්’ වලට අමතරව ‘ගුඩ් ෆෙලස්’ සහ ‘කාර්ලිටෝස් වේ’ වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට වලත් ඔහු රඟපාලා තියෙනවා. වියට්නාම් යුද්ධ සමයේ ඇමරිකානු නාවික හමුදාවේ සේවය කරපු ඔහු, පසුව තමයි රංගන ක්ෂේත්රයට පිවිසෙන්නේ.
ඔහුගේ වියෝව ගැන රසිකයින් මෙන්ම සෙසු කලාකරුවනුත් දැඩි කම්පනයට පත්වෙලා ඉන්නවා. වින්සන්ට් පැස්ටෝර් කියන්නේ රංගන ක්ෂේත්රයේ සැබෑ දක්ෂයෙක් වගේම ඉතාම කරුණාවන්ත පුද්ගලයෙක් බවයි ඔහුගේ සමීපතමයින් පවසන්නේ. කෙසේ වෙතත්, ඔහු රඟපෑ අමතක නොවන චරිත හරහා වින්සන්ට් පැස්ටෝර් සැමදා රසික හදවත් තුළ ජීවත් වේවි.

Discussion & Feedback