ලෝකයේම අවධානය දිනාගත් ජනප්රියම K-Drama මාලාවක් වන ‘A Shop for Killers’ හි දෙවන සමය තවත් සතියකින් ප්රේක්ෂකයන් අතරට එන්න සූදානම්. වසර දෙකක කාලයක් පුරා රසිකයන් නොඉවසිල්ලෙන් බලා සිටි මෙම කතා මාලාව ජූලි 22 වැනිදා සිට Disney+ ඔස්සේ විකාශය වීමට නියමිතයි. පළමු සමයේ තිබූ අතිවිශිෂ්ට ක්රියාදාම සහ කුතුහලය දනවන සිදුවීම් නිසාම, මෙවරත් ප්රේක්ෂකයන්ට අමතක නොවන අත්දැකීමක් ලැබෙනු නොඅනුමානයි. කතා මාලාවේ කථාංග අටක් ඇතුළත් වන අතර, සෑම බදාදා දිනකම නව කථාංග දෙකක් බැගින් අගෝස්තු 12 වැනිදා දක්වා නරඹන්නන්ට නැරඹීමට අවස්ථාව ලැබෙනවා.
පළමු සමයේ අවසානයේදී ජියොං ජින්-මාන් නැවතත් ජීවතුන් අතර සිටින බව හෙළිවීමත් සමඟ කතාවේ කුතුහලය උපරිමයටම පත් වුණා. ජියොං ජි-ආන් තම මාමාගේ රහසිගත අවි ගබඩාව වන ‘Murthehelp’ හි පාලනය භාර ගැනීමෙන් පසුව සිදුවන දේවල් සහ ජින්-මාන්ගේ අතුරුදහන් වීම පිටුපස ඇති සැබෑ කතාව මෙවර සමයෙන් බලාගන්න පුළුවන්. ‘John Wick’ චිත්රපට මාලාව සිහිගන්වන අන්දමේ දක්ෂ ක්රියාදාම ජවනිකා සහ Kim Hye-jun ගේ රංගන කුසලතාවය නිසාම මෙවර සමයත් අති සාර්ථක වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා. ඔබත් ක්රියාදාම පිරුණු K-Drama වලට කැමති කෙනෙක් නම්, මේ අවස්ථාව මගහැර ගන්න එපා.

Discussion & Feedback