අභ්‍යවකාශය ගැන කතා කරනකොට අපිට මුලින්ම මතක් වෙන්නේ හබල් සහ ජේම්ස් වෙබ් දුරේක්ෂ ගැනනේ. හැබැයි දැන් ඒ ලැයිස්තුවට අලුතින්ම එකතු වෙන්න යන්නේ ‘නැන්සි ග්‍රේස් රෝමන්’ කියන අති නවීන අභ්‍යවකාශ දුරේක්ෂයයි. මේක අඩි 42ක් විතර දිග, අති දැවැන්ත දුරේක්ෂයක්. අගෝස්තු 30 වෙනිදා ස්පේස් එක්ස් ෆැල්කන් හෙවි රොකට්ටුවකින් මේක අභ්‍යවකාශයට යවන්න නාසා ආයතනය සැලසුම් කරලා තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි හබල් දුරේක්ෂයට වඩා දහස් ගුණයක වේගයකින් දත්ත එකතු කරන්න පුළුවන් වීම.
හබල් දුරේක්ෂය අවුරුදු 35ක් පුරා එකතු කරපු දත්ත ප්‍රමාණය වගේ දහස් ගුණයක් දත්ත, රෝමන් දුරේක්ෂයට එක අවුරුද්දක් ඇතුළත ලබාගන්න පුළුවන්. මේකේ තියෙන ‘වයිඩ් ෆීල්ඩ් ඉන්ස්ට්රුමන්ට්’ එක හරහා අභ්‍යවකාශයේ විශාල කොටසක් එකවර නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම අඳුරු පදාර්ථ (Dark Matter) සහ අඳුරු ශක්තිය (Dark Energy) වගේ විශ්වයේ තවමත් විසඳාගන්න බැරි ප්‍රශ්න ගණනාවකට උත්තර හොයන්න මේක ලොකු උදව්වක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, වෙනත් ග්‍රහලෝකවල තියෙන රහස් සහ තරු පිපිරීම් ගැනත් අපිට අලුත්ම විදිහට දකින්න පුළුවන් වෙයි.
ඇත්තටම කිව්වොත්, මේ දුරේක්ෂයෙන් ලැබෙන රූප කොච්චර විශාලද කියනවා නම්, ඒ රූප සම්පූර්ණයෙන්ම පෙන්නන්න තරම් ලොකු තිරයක් අද ලෝකේ තාම නිර්මාණය වෙලා නැහැ. ඉතින්, මේ නවීන තාක්ෂණයත් එක්ක විශ්වය ගැන අපි දන්නා දේවල් තවත් පුළුල් වෙයි කියලා විද්‍යාඥයන් ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඉදිරි වසර පහේ සිට දහය දක්වා කාලය ඇතුළත මේ දුරේක්ෂයෙන් විශ්වයේ අලුත්ම පැතිකඩක් අපිට දැකගන්න ලැබෙන එක නම් ස්ථිරයි.

Discussion & Feedback