විද්යාඥයන් විසින් අයින්ස්ටයින්ගේ සුප්රසිද්ධ ගුරුත්වාකර්ෂණ සිද්ධාන්තය ක්වොන්ටම් ලෝකය තුළත් ක්රියාත්මක වන බවට මුල්ම සාක්ෂි සොයාගෙන තියෙනවා. සාමාන්යයෙන් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය විශාල ග්රහලෝක සහ තාරකා වැනි දේවල් ගැන විස්තර කළත්, පරමාණුවලටත් වඩා කුඩා ක්වොන්ටම් ලෝකයේදී මේ සිද්ධාන්තය සහ ක්වොන්ටම් යාන්ත්ර විද්යාව එකිනෙක ගැටෙනවා. මේ දෙක එකතු කරලා විශ්වයේ සියල්ල පැහැදිලි කරන එකම සිද්ධාන්තයක් ගොඩනැගීම විද්යාඥයන්ට ලොකු අභියෝගයක් වෙලා තිබුණා. නමුත් දැන් සිදුකරපු අලුත්ම පර්යේෂණයකින් පරමාණුවක් ගුරුත්වාකර්ෂණය යටතේ වැටෙන විට එහි ක්වොන්ටම් ලක්ෂණ වෙනස් වන ආකාරය නිරීක්ෂණය කරන්න ඔවුන් සමත් වෙලා තියෙනවා.
මේ පර්යේෂණයේදී ඔවුන් ප්රධාන වශයෙන්ම අවධානය යොමු කළේ අයින්ස්ටයින්ගේ ‘සමතුලිතතා මූලධර්මය’ (Equivalence Principle) ගැනයි. සරලවම කිව්වොත්, නිදහසේ වැටෙන ඕනෑම වස්තුවකට ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ නැහැ කියන එකයි මෙයින් අදහස් වෙන්නේ. මෙය ක්වොන්ටම් මට්ටමේදී පරීක්ෂා කිරීම සඳහා ‘ක්වොන්ටම් ගැලීලියෝ ඉන්ටර්ෆෙරෝමීටරය’ නම් විශේෂ උපකරණයක් ඔවුන් භාවිතා කළා. මේ පර්යේෂණය මගින් ක්වොන්ටම් යාන්ත්ර විද්යාව සහ සාපේක්ෂතාවාදය අතර පාලමක් ගොඩනැගීමට මග පෑදෙන බව පර්යේෂකයන් පවසනවා. මෙය විශ්වයේ රහස් තේරුම් ගැනීමට විද්යා ලෝකයේ තැබූ ඉතා වැදගත් පියවරක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්.

Discussion & Feedback