සයිබර්පන්ක් (Cyberpunk) ලෝකයට ආදරය කරන අයට තවත් සුපිරි ආරංචියක් ලැබිලා තියෙනවා. ‘Spine – This Is Gun Fu’ නමින් අලුතින් එන්න තියෙන මේ ක්රීඩාව ඇත්තටම ද පනිෂර් සහ ජෝන් වික් චිත්රපටවල තියෙන ඒ දරුණු ඇක්ෂන් දර්ශනවල එකතුවක් වගේ. නෙකි (Nekki) සමාගම විසින් නිර්මාණය කරන මේ ක්රීඩාවේදී ඔයාලට දකින්න ලැබෙන්නේ අනාගතයේ තියෙන තාක්ෂණයෙන් පිරුණු ටෙන්සර් සිටි (Tensor City) කියන නගරයයි. මෙතනදී රෙඩ්ලයින් කියන වීදි චිත්ර ශිල්පිනිය තමන්ගේ අතුරුදහන් වුණු සහෝදරයාව හොයාගෙන යන ගමනේදී ඇයට ලැබෙන ‘ස්පයින්’ කියන සජීවී සටන් උපකරණයත් එක්ක එකතු වෙලා ඒකාධිපති AI පාලනයට විරුද්ධව සටන් කරනවා.
මේ ක්රීඩාවේ තියෙන විශේෂත්වය තමයි ඒකේ තියෙන ‘ගන් ෆු’ (Gun Fu) සටන් ක්රමය. සතුරන්ගේ වෙඩි පහරවලින් බේරෙමින්, ඔවුන්ගේම ආයුධ උදුරාගෙන, ඉතාම වේගවත් සහ දරුණු සටන් රටාවකින් සතුරන්ව පරාජය කරන්න මෙහිදී ඔයාලට පුළුවන්. සටන් කරන අතරතුර එක දිගටම ක්රියාදාමයන් සිදුවෙන නිසා, මේක ඇත්තටම චිත්රපටයක් බලනවා වගේ අත්දැකීමක් ලබා දෙනවා. විශේෂයෙන්ම මේ නගරයේ ඉන්න මාෆියා කල්ලි සහ බලගතු බොස්ලා එක්ක කරන සටන් හරිම අභියෝගාත්මකයි.
මේ ක්රීඩාව 2027 වසරේදී එළිදැක්වීමට නියමිතයි. සයිබර්පන්ක් ලෝකයට සහ ඇක්ෂන් චිත්රපටවලට කැමති ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන්ම අත්හදා බැලිය යුතු ක්රීඩාවක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ අලුත් අත්දැකීම ලබාගන්න තව ටික කාලයක් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා.

Discussion & Feedback