Netflix ආයතනය මේ වසරේ තවත් අලුත්ම සහ වෙනස්ම විදියේ කොරියානු කතා මාලාවක් ප්‍රේක්ෂකයන් අතරට ගේන්න සූදානම් වෙනවා. ‘Doctor X: Mafia in White’ නමින් හැඳින්වෙන මේ කතා මාලාව ජපානයේ ජනප්‍රිය ‘Doctor-X’ කතා මාලාවේ කොරියානු අනුවාදයක්. හැබැයි මේක සාමාන්‍ය වෛද්‍ය කතා මාලාවක් නෙවෙයි. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ ‘Queen of Tears’ හරහා ලොකු ජනප්‍රියත්වයක් ලබාගත්ත කිම් ජි-වොන්. ඇය මෙහි රඟපාන්නේ රෝහලේ ඉහළ නිලධාරීන්ගේ නීති රීතිවලට කිසිම තැකීමක් නොකරන, අති දක්ෂ ශල්‍ය වෛද්‍යවරියක් විදිහටයි. ඇයව හැඳින්වෙන්නේ ‘ශල්‍යාගාරයේ පිස්සු බල්ලා’ කියලයි, මොකද ඇය රෝගීන් එක්ක බොරු ආචාරශීලීකම් පෙන්වන්නේ නැතුව කෙලින්ම වැඩේට බහින කෙනෙක් නිසා.
මේ කතාවේදී රෝහල කියන්නේ හුදෙක් රෝගීන් සුව කරන තැනක් විතරක් නෙවෙයි, බලය වෙනුවෙන් සටන් කරන දේශපාලන පිටියක්. එක පැත්තකින් දක්ෂ වෛද්‍යවරුන් ජීවිත බේරගන්න උත්සාහ කරනකොට, අනිත් පැත්තෙන් රෝහලේ අධ්යක්ෂවරු සහ බලධාරීන් තමන්ගේ බලය තහවුරු කරගන්න එකිනෙකා එක්ක ගැටෙනවා. ‘House of Cards’ වගේ දේශපාලන කුමන්ත්‍රණ සහ ‘The Pitt’ වගේ රෝහල් අවුල් ජාලාවන් එකතු වුණාම මේ කතාව කොයි වගේ වෙයිද කියලා හිතාගන්න පුළුවන්. ඔක්තෝබර් 9 වැනිදා සිට Netflix හරහා ලොව පුරා විකාශය වීමට නියමිත මේ කතා මාලාව, සාමාන්‍ය වෛද්‍ය කතා මාලාවලට වඩා වෙනස් අත්දැකීමක් ඕගොල්ලන්ට ලබා දේවි. ඉතින් මේ අලුත්ම අත්දැකීම විඳගන්න ඔයාලත් ලෑස්ති වෙන්න.

Discussion & Feedback