පසුගිය දිනවල අහසේ දකින්න ලැබුණු පර්සීඩ් උල්කාපාත වර්ෂාව ලොව පුරා සිටින තාරකා විද්‍යා ලෝලීන්ගේ නෙත් සිත් පැහැර ගැනීමට සමත් වුණා. පෘථිවිය 109P/Swift-Tuttle නම් ධූමකේතුවේ සුන්බුන් සහිත කලාපය හරහා ගමන් කිරීම නිසා මෙම අපූරු දසුන නිර්මාණය වුණේ. වැලි කැටයක් තරම් කුඩා වුවත්, තත්පරයට කිලෝමීටර් 59ක පමණ වේගයකින් පෘථිවි වායුගෝලයට ඇතුළු වන මෙම උල්කාපාත, අහසේ ගිනි පුපුරු මෙන් දිලිසෙමින් ගමන් කරන ආකාරය ඉතාමත් දර්ශනීයයි. විශේෂයෙන්ම ස්පාඤ්ඤය, ඉරානය, චීනය සහ මැසිඩෝනියාව වැනි රටවල සිටින ඡායාරූප ශිල්පීන් මෙම දුර්ලභ දසුන් ඉතා අපූරුවට සිය කැමරා කාචවලට හසු කරගෙන තිබුණා.
මෙම උල්කාපාත වර්ෂාව පූර්ණ සූර්යග්‍රහණයකින් පැය කිහිපයකට පසුව සිදුවීම තවත් විශේෂත්වයක් වුණා. අහසේ දිස්වුණු ක්ෂීරපථය සහ තරු රටා සමඟ එකතු වූ මෙම උල්කාපාත දසුන් ඇත්තෙන්ම විශ්මිතයි. ඔබත් මෙම දසුන් මගහැර ගත්තා නම් කලබල වෙන්න එපා, මොකද පෘථිවිය තවමත් එම සුන්බුන් කලාපය හරහා ගමන් කරන නිසා අගෝස්තු 24 වෙනිදා දක්වා තවමත් උල්කාපාත කිහිපයක් වුවත් අහසේ දකින්න ලැබීමේ අවස්ථාව තියෙනවා. කෙසේ වෙතත්, උල්කාපාත වැටෙන ප්‍රමාණය උපරිම අවස්ථාවට වඩා අඩු වුණත්, පැහැදිලි අහසක් තියෙන රාත්‍රියක අහස දෙස බලා සිටීමෙන් ඔබටත් මේ සුන්දරත්වය අත්විඳින්න පුළුවන්.

Discussion & Feedback