ලෝක ප්රසිද්ධ ‘ස්ටාර් වෝර්ස්’ (Star Wars) චිත්රපට මාලාවට දැන් වසර 50ක් පිරෙනවා. මේ සුවිශේෂී සංවත්සරය සමරන්න ඩිස්නි සහ ලූකස් ෆිල්ම් ආයතන එකතු වෙලා අලුත් වැඩක් කරන්න සූදානම් වෙනවා. ඒ අනුව, 1977 වසරේ තිරගත වුණු මුල්ම ස්ටාර් වෝර්ස් චිත්රපටය ඉතිහාසයේ පළමු වතාවට IMAX තිරවලින් නරඹන්න රසිකයන්ට අවස්ථාව ලැබෙනවා. විශේෂම දේ තමයි, කිසිම CGI වෙනස්කමක් හෝ අලුත් එකතු කිරීමක් නැතුව, මුල්ම පිටපතම මේ විදියට ප්රදර්ශනය කිරීම. ඒ කියන්නේ හෑන් සෝලෝ ග්රීඩෝට මුලින්ම වෙඩි තියන ඒ සුප්රසිද්ධ දර්ශනය කිසිම වෙනසක් නැතුව ඔයාලට ආයෙත් IMAX තිරයකින් බලාගන්න පුළුවන්.
මේ සුවිශේෂී ප්රදර්ශනය 2027 පෙබරවාරි 19 වැනිදා ආරම්භ වෙන්න නියමිතයි. ඒ විතරක් නෙවෙයි, මේ සංවත්සරය සමරන්නම තවත් අලුත් චිත්රපටයක් වන ‘ස්ටාර් වෝර්ස්: ස්ටාර් ෆයිටර්’ (Star Wars: Starfighter) චිත්රපටයත් 2027 මැයි 28 වැනිදා තිරගත වෙන්න නියමිතයි. රයන් ගොස්ලින්ග් ප්රධාන චරිතය රඟපාන මේ චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ ෂෝන් ලෙවී විසින්. මේ චිත්රපටයත් IMAX තාක්ෂණයෙන් නිර්මාණය කරලා තියෙන නිසා රසිකයන්ට අලුත්ම අත්දැකීමක් ලැබෙනවා නොඅනුමානයි. ඉතින් ස්ටාර් වෝර්ස් රසිකයෙක් නම් මේ අවස්ථාව මගහැරගන්න එපා.

Discussion & Feedback