ලොව පුරා සිටින ස්ටාර් වෝර්ස් රසිකයන්ට ඉතාමත් සතුටුදායක ආරංචියක් ලැබිලා තියෙනවා. ජෝර්ජ් ලූකස්ගේ සුප්රසිද්ධ ස්ටාර් වෝර්ස් චිත්රපට මාලාවට වසර 50ක් පිරීම නිමිත්තෙන්, 1977 වසරේ තිරගත වුණු මුල්ම ස්ටාර් වෝර්ස් චිත්රපටය 2027 වසරේදී පළමු වරට IMAX තිරවල ප්රදර්ශනය කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. විශේෂත්වය තමයි, කිසිදු වෙනස් කිරීමක් හෝ CGI තාක්ෂණික එකතු කිරීමක් නැතිව, මුල්ම ස්වරූපයෙන්ම මේ චිත්රපටය පෙබරවාරි 19 වැනිදා සිට රසිකයන්ට නැරඹීමේ අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම සමහර IMAX සිනමාහල්වලදී මෙය 70mm ෆිල්ම් තාක්ෂණයෙන් නැරඹීමටත් අවස්ථාව ලැබීම සුවිශේෂී සිදුවීමක්.
මේ සැමරුමට සමගාමීව, රයන් ගොස්ලින් ප්රධාන චරිතය නිරූපණය කරන ‘ස්ටාර් වෝර්ස්: ස්ටාර් ෆයිටර්’ (Star Wars: Starfighter) නවතම චිත්රපටයත් 2027 මැයි 28 වැනිදා සිට IMAX තිරවල දැකගන්න පුළුවන්. ෂෝන් ලෙවී විසින් අධ්යක්ෂණය කරන මේ චිත්රපටය ස්ටාර් වෝර්ස් ලෝකයේ තවත් අලුත් අත්දැකීමක් වේවි. මේ වසරේ ස්ටාර් වෝර්ස් රසිකයන්ට නම් ඇත්තටම අමතක නොවන අත්දැකීමක් ලැබෙන බව නම් සහතිකයි. ඉතින් ඔයාලත් මේ සිනමා අත්දැකීම ලබාගන්න ලෑස්ති වෙලා ඉන්න.

Discussion & Feedback