ලෝක ප්රසිද්ධ ස්ටාර් වෝර්ස් (Star Wars) සිනමා පටය තිරගත වෙලා මේ වෙනකොට වසර 50ක් සම්පූර්ණ වෙන්නයි යන්නේ. මේ විශේෂ සංවත්සරය සමරන්න ඩිස්නි සහ ලූකස් ෆිල්ම් ආයතන එකතු වෙලා අලුත් වැඩක් පටන් අරන් තියෙනවා. ඒ තමයි 1977 වසරේ නිකුත් වුණු මුල්ම ස්ටාර් වෝර්ස් චිත්රපටය පළමු වතාවට IMAX තිරවලින් ප්රදර්ශනය කිරීම. මේ විශේෂ දර්ශනය 2027 පෙබරවාරි 19 වෙනිදා ඉඳන් රසිකයන්ට අත්විඳින්න පුළුවන් වෙනවා. විශේෂම දේ තමයි, මේ චිත්රපටය කිසිම අමතර CGI වෙනස්කම් හෝ අලුත් සංස්කරණ නැතුව, මුල්ම ස්වරූපයෙන්ම නැවත තිරගත කිරීම. ඒ නිසා හැන් සෝලෝ ග්රීඩෝට මුලින්ම වෙඩි තියන දර්ශනය ඇතුළු රසිකයන් ආදරය කරන පැරණි දර්ශන කිසිම වෙනසක් නැතුව IMAX තාක්ෂණයෙන් බලන්න ලැබෙනවා.
මේ අතරේ ස්ටාර් වෝර්ස් රසිකයන්ට තවත් සුබ ආරංචියක් තියෙනවා. ඒ තමයි රයන් ගොස්ලිං ප්රධාන චරිතය රඟපාන ‘ස්ටාර් වෝර්ස්: ස්ටාර් ෆයිටර්’ (Star Wars: Starfighter) නවතම චිත්රපටයත් 2027 මැයි 28 වෙනිදා තිරගත වෙන්න නියමිතයි. ෂෝන් ලෙවී අධ්යක්ෂණය කරන මේ චිත්රපටය සම්පූර්ණයෙන්ම IMAX කැමරා භාවිතයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ නිසා ස්ටාර් වෝර්ස් රසිකයන්ට 2027 වසරේදී අමතක නොවන සිනමා අත්දැකීම් දෙකක්ම ලැබෙනවා. ඉතින් ඔයාලත් මේ ගැන උනන්දුවෙන් ඉන්නවා නම්, ළඟම තියෙන IMAX සිනමාහල් ගැන අන්තර්ජාලය හරහා දැනටමත් විස්තර හොයාගන්න පුළුවන්.

Discussion & Feedback