ප්රවීණ අධ්යක්ෂ ක්රිස්ටෝපර් නෝලන්ගේ නවතම සිනමා නිර්මාණය වන ‘ද ඔඩිසි’ (The Odyssey) මේ වන විට ලොව පුරා සිනමාහල්වල දැවැන්ත සාර්ථකත්වයක් අත්කර ගනිමින් සිටිනවා. උතුරු ඇමරිකානු බොක්ස් ඔෆිස් වාර්තා අනුව, මෙම චිත්රපටය ආරම්භක සති අන්තයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 120.5ක ආදායමක් උපයා ගැනීමට සමත් වී තිබෙනවා. මෙය 2026 වසරේ මෙතෙක් වාර්තා වූ ඉහළම සජීවී ක්රියාදාම චිත්රපට ආරම්භය ලෙසයි සැලකෙන්නේ. ගෝලීය වශයෙන් ගත් කල, මෙම චිත්රපටය රටවල් 73ක තිරගත වෙමින් ඩොලර් මිලියන 257.8ක දැවැන්ත ආදායමක් උපයාගෙන ඇති අතර, එය නෝලන්ගේ සිනමා දිවියේ මෙතෙක් වාර්තා වූ ඉහළම ගෝලීය ආරම්භය වීම විශේෂත්වයක්.
මෙම චිත්රපටයේ ප්රධාන චරිතය නිරූපණය කරන මැට් ඩේමන්ගේ සිනමා දිවියේ ද ඉහළම ආරම්භක ආදායම මෙය වන අතර, ප්රේක්ෂකයන් අතරින් බහුතරයක් මෙම චිත්රපටය නැරඹීමට පැමිණ ඇත්තේ නෝලන්ගේ අධ්යක්ෂණය කෙරෙහි ඇති විශ්වාසය නිසයි. විශේෂයෙන්ම IMAX සහ 70MM තිරවල චිත්රපටය නැරඹීමට ප්රේක්ෂකයන් දැඩි උනන්දුවක් දක්වන බව වාර්තා වෙනවා. ‘ද ඔඩිසි’ චිත්රපටය සඳහා සිනමා ශාලාවලින් ලැබෙන ප්රතිචාර ඉතා ඉහළ මට්ටමක පවතින අතර, ඉදිරි සති කිහිපය තුළත් මෙම ආදායම් වාර්තා තවදුරටත් ඉහළ යනු ඇතැයි සිනමා විචාරකයෝ පවසනවා. වයස අවුරුදු 25ට වැඩි පිරිමින් වැඩි වශයෙන් මෙම චිත්රපටය නැරඹීමට පැමිණ ඇති අතර, සමස්තයක් ලෙස මෙය වසරේ වඩාත්ම කතාබහට ලක්වන සිනමා අත්දැකීම බවට පත්ව තිබෙනවා.

Discussion & Feedback