ප්රවීණ සිනමා අධ්යක්ෂ ක්රිස්ටෝපර් නෝලන්ගේ නවතම නිර්මාණය වන ‘ද ඔඩිසි’ (The Odyssey) චිත්රපටය මේ වන විට ලෝක සිනමා ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් ඉදිරියට ඇදෙනවා. ලොව පුරා තිරගත කිරීම් ආරම්භ කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 257.8ක දැවැන්ත ආදායමක් උපයා ගැනීමට මෙම චිත්රපටය සමත් වී තිබෙනවා. මෙය නෝලන්ගේ මීට පෙර වාර්තාගත චිත්රපට වූ ‘ද ඩාර්ක් නයිට් රයිසස්’ සහ ‘ඔපන්හයිමර්’ වැනි නිර්මාණ පවා අභිබවා යාමක් ලෙසයි සිනමා විචාරකයින් හඳුන්වන්නේ. ලෝක කුසලාන තරගාවලිය පැවතුණත්, ප්රේක්ෂකයින් විශාල පිරිසක් මෙම චිත්රපටය නැරඹීමට උනන්දුවක් දක්වන බවයි වාර්තා වෙන්නේ.
මෙම චිත්රපටය උතුරු ඇමරිකාව තුළ පමණක් ඩොලර් මිලියන 120.5ක ආදායමක් උපයාගෙන ඇති අතර, ජාත්යන්තර වෙළඳපොළ තුළ රටවල් 73කදී ඉතා සාර්ථක ආරම්භයක් ලබා තිබෙනවා. විශේෂයෙන්ම ප්රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ බ්රසීලය වැනි රටවල් 45ක නෝලන්ගේ සිනමා දිවියේ හොඳම ආරම්භය ලෙස මෙය සටහන් වී තිබීම විශේෂත්වයක්. මැට් ඩේමන්, ඈන් හැත්වේ, සෙන්ඩයා සහ රොබට් පැටින්සන් වැනි දැවැන්ත නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන මෙම චිත්රපටය, හොමර්ගේ වීර කාව්යය ඇසුරින් නිර්මාණය වූවක්. ඉදිරි දිනවලදීත් මෙම චිත්රපටය තවත් වාර්තා බිඳ හෙළනු ඇති බවටයි සිනමා ක්ෂේත්රයේ විශ්වාසය පළ වෙන්නේ.

Discussion & Feedback