ප්රවීණ සිනමා අධ්යක්ෂ ක්රිස්ටෝපර් නෝලන්ගේ නවතම සිනමා නිර්මාණය වන ‘ද ඔඩිසි’ (The Odyssey) මේ වන විට ලොව පුරා සිනමා ලෝලීන් අතර දැඩි කතාබහට ලක්වෙලා තියෙනවා. ඇමරිකානු සිනමා ශාලාවල තිරගත කිරීම් ආරම්භ කිරීමට පෙර පැවති විශේෂ දර්ශන වාරවලින් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 15ක ආදායමක් උපයා ගැනීමට මෙම චිත්රපටය සමත් වෙලා තියෙනවා. මේ වසරේ තිරගත වූ සජීවී රංගනයන් සහිත චිත්රපට අතරින් මෙවැනි ඉහළ පෙරදසුන් ආදායමක් වාර්තා කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. රොටන් ටොමැටෝස් වෙබ් අඩවියේ ප්රේක්ෂක ප්රතිචාර 96%ක් වැනි ඉහළ අගයක් ගැනීමත් සමඟ නෝලන්ගේ සිනමා දිවියේ සාර්ථකම නිර්මාණය ලෙස මෙය ඉතිහාසයට එක්වෙමින් පවතිනවා.
මෙම චිත්රපටයේ අයිමැක්ස් (IMAX) සහ විශාල තිර දර්ශන වාර සඳහා ඇති ඉල්ලුම කොතරම්ද කියනවා නම්, බොහෝ ප්රේක්ෂකයින් වසරකට පෙර සිටම ටිකට්පත් වෙන් කරගෙන අවසන්. දැනටමත් අත්තිකාරම් ටිකට්පත් අලෙවියෙන් පමණක් ඩොලර් මිලියන 30ත් 40ත් අතර මුදලක් උපයා ගැනීමට චිත්රපටය සමත් වෙලා තියෙනවා. ‘ඕපන්හයිමර්’ චිත්රපටයටත් වඩා වේගයෙන් මෙම චිත්රපටය ජනප්රිය වෙමින් පවතින අතර, ඉදිරි දින කිහිපය තුළදී මෙය බොක්ස් ඔෆිස් වාර්තා රැසක් බිඳ හෙළනු ඇති බවටයි සිනමා විචාරකයින් අනාවැකි පළ කරන්නේ. ඔබත් නෝලන්ගේ සිනමා මායාව අත්විඳීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, හොඳම ආසනයක් වෙන් කරගැනීම දැන් නම් ටිකක් අමාරු වැඩක් වෙන්න පුළුවන්.

Discussion & Feedback