ප්රවීණ අධ්යක්ෂ ක්රිස්ටෝපර් නෝලන්ගේ නවතම සිනමා නිර්මාණය වන ‘ද ඔඩිසි’ (The Odyssey) මේ දිනවල ලෝක සිනමාහල් තුළ දැවැන්ත ආන්දෝලනයක් ඇති කරමින් බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කිරීමට සමත්ව තිබෙනවා. පසුගිය සඳුදා දිනයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 18.67ක ආදායමක් උපයා ගැනීමට මෙම චිත්රපටය සමත් වූ අතර, එය 2026 වසරේ සඳුදා දිනයක වාර්තා වූ ඉහළම ආදායම ලෙසයි සැලකෙන්නේ. මීට පෙර වාර්තාගත වූ ‘ටෝයි ස්ටෝරි 5’ චිත්රපටයේ සඳුදා ආදායම පවා අභිබවා යමින් මෙම චිත්රපටය ලබාගත් සාර්ථකත්වය සිනමා ලෝලීන් අතර විශාල කතාබහකට ලක්ව තිබෙනවා.
ලොස් ඇන්ජලීස් සහ නිව්යෝර්ක් වැනි ප්රධාන නගරවල සිනමාහල්වල අයිමැක්ස් (IMAX) දර්ශන සඳහා ප්රවේශපත්ර සොයා ගැනීම පවා මේ වන විට ඉතා අපහසු වී තිබෙනවා. නෝලන්ගේ පෙර නිර්මාණ වූ ‘ද ඩාර්ක් නයිට්’ සහ ‘ඕපන්හයිමර්’ වැනි චිත්රපටවලටත් වඩා වේගයෙන් මෙම චිත්රපටය ජනප්රිය වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. දැනට ගෝලීය වශයෙන් ඩොලර් මිලියන 263.7ක ආදායමක් ලබා ඇති ‘ද ඔඩිසි’, නෝලන්ගේ සිනමා දිවියේ සාර්ථකම ආරම්භය සනිටුහන් කිරීමට සමත් වී තිබෙනවා.
කෙසේ වෙතත්, චිත්රපටයේ නිෂ්පාදන වියදම සහ ප්රචාරණ වියදම් සැලකිල්ලට ගත් විට, එය තවමත් ලාභ ලබන තත්ත්වයට පත්ව නැති බවට ඇතැම් විචාරකයින් මත පළ කරනවා. කෙසේ වෙතත්, සිනමාහල්වල පවතින දැඩි ඉල්ලුම සහ ප්රේක්ෂක ආකර්ෂණය දෙස බලන විට, ඉදිරි සති කිහිපය තුළ මෙම චිත්රපටය තවත් වාර්තා රැසක් බිඳ හෙළනු ඇති බවටයි සිනමා ක්ෂේත්රයේ විශ්වාසය වන්නේ.

Discussion & Feedback