ප්රවීණ අධ්යක්ෂ ක්රිස්ටෝපර් නෝලන්ගේ නවතම සිනමා නිර්මාණය වන ‘ද ඔඩිසි’ මේ වන විට ලොව පුරා සිනමා ශාලාවල දැවැන්ත ආදායම් වාර්තා තබමින් සාර්ථක ගමනක් ආරම්භ කරලා තියෙනවා. හෝමර්ගේ සුප්රසිද්ධ වීර කාව්යය ඇසුරින් නිර්මාණය වූ මෙම චිත්රපටය තිරගත වීම ආරම්භ කර දින කිහිපයක් ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන 40කට ආසන්න ආදායමක් උපයා ගැනීමට සමත් වෙලා තියෙනවා. මැට් ඩේමන්, ඇන් හැතවේ සහ සෙන්ඩයා වැනි දැවැන්ත නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන මෙම චිත්රපටය, නෝලන්ගේම පෙර නිර්මාණයක් වූ ‘ඔපන්හයිමර්’ චිත්රපටයටත් වඩා වේගයෙන් ප්රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීම විශේෂත්වයක්.
ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවතුණත්, ඒ කිසිවකින් බාධාවක් නොවී ප්රේක්ෂකයන් විශාල පිරිසක් මේ චිත්රපටය නැරඹීමට සිනමා ශාලා වෙත ඇදී එන බවයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම ප්රංශය, ඕස්ට්රේලියාව, ඉතාලිය සහ මෙක්සිකෝව වැනි රටවල සිනමා ඉතිහාසයේ වාර්තාගත ආරම්භයක් ලබා ගැනීමට ‘ද ඔඩිසි’ සමත් වෙලා තියෙනවා. අති නවීන තාක්ෂණයෙන් යුත් අයිමැක්ස් (IMAX) සහ අනෙකුත් උසස් තත්ත්වයේ තිරවල මෙම චිත්රපටය නැරඹීමේ අවස්ථාව ප්රේක්ෂකයන්ට ලැබෙනවා. ඉදිරි දිනවලදී මෙම ආදායම් වාර්තා තවදුරටත් ඉහළ යනු ඇතැයි සිනමා විචාරකයන් විශ්වාස කරනවා.

Discussion & Feedback