ලෝක ප්‍රකට සිනමා අධ්යක්ෂ ක්‍රිස්ටෝපර් නෝලන්ගේ නවතම සිනමා නිර්මාණය වන ‘ද ඔඩිසි’ (The Odyssey) චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා ලන්ඩනයේ ලෙස්ටර් චතුරශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. මෙම අවස්ථාවට මැට් ඩේමන්, ටොම් හොලන්ඩ්, සෙන්ඩයා, ඈන් හැත්වේ සහ රොබට් පැටින්සන් වැනි හොලිවුඩයේ ජනප්‍රියම තරු රැසක් එක්ව සිටීම විශේෂත්වයක්. හෝමර්ගේ සුප්‍රසිද්ධ වීර කාව්‍යය ඇසුරින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටයේ ඔඩිසියස්ගේ චරිතයට මැට් ඩේමන් පණ පොවන අතර, ඔහුගේ බිරිඳ ලෙස ඈන් හැත්වේ රංගනයෙන් දායක වෙනවා.
නෝලන්ගේ පෙර නිර්මාණය වූ ‘ඕපන්හයිමර්’ චිත්‍රපටය ලැබූ දැවැන්ත සාර්ථකත්වයෙන් පසුව, මෙම චිත්‍රපටය පිළිබඳව රසිකයන් අතර ඇත්තේ විශාල බලාපොරොත්තුවක්. විශේෂයෙන්ම සම්පූර්ණ චිත්‍රපටයම IMAX කැමරා තාක්ෂණයෙන් රූගත කර තිබීම නිසා සිනමා ලෝලීන් මේ ගැන වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ජූලි 17 වැනිදා උතුරු ඇමරිකානු සිනමාහල්වල තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටය ආරම්භක සතියේදී ඩොලර් මිලියන 80ත් 100ත් අතර ආදායමක් උපයා ගනු ඇතැයි විචාරකයන් අනාවැකි පළ කරනවා.
ලන්ඩන් නුවර පැවති මෙම මංගල දර්ශනය සඳහා ජොන් බර්න්තල්, මියා ගොත් ඇතුළු තවත් බොහෝ නළු නිළියන් පිරිසක් සහභාගී වී සිටියා. නෝලන්ගේ සිනමා මායාව නැවත වරක් ලොව පුරා රසිකයන් අතරට ගෙන යන ‘ද ඔඩිසි’ චිත්‍රපටය මේ වසරේ සිනමා ලෝකයේ වැඩිම කතාබහට ලක්වන නිර්මාණය බවට පත්වෙමින් තිබෙනවා.

Discussion & Feedback