ප්රවීණ අධ්යක්ෂ ක්රිස්ටෝපර් නෝලන්ගේ නවතම සිනමා නිර්මාණය වන ‘ද ඔඩිසි’ (The Odyssey) මේ දිනවල ලොව පුරා සිනමාහල්වල දැවැන්ත සාර්ථකත්වයක් අත්කර ගනිමින් සිටිනවා. පසුගිය බදාදා දිනයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 18.05ක ආදායමක් උපයා ගැනීමට මෙම චිත්රපටය සමත් වුණා. මෙය නෝලන්ගේ සිනමා දිවියේ දෙවන හොඳම බදාදා දින ආදායම ලෙසයි වාර්තා වෙන්නේ. 2008 වසරේ තිරගත වූ ‘ඩාර්ක් නයිට්’ චිත්රපටයෙන් පසුව මෙවැනි ඉහළ ආදායමක් ලැබූ නෝලන්ගේ පළමු චිත්රපටය වන්නේද මෙයයි. මේ වන විට චිත්රපටය තිරගත වී දින හයක් ඇතුළත සමස්ත ආදායම ඩොලර් මිලියන 181.6ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විශේෂත්වය වන්නේ ‘ද ඔඩිසි’ චිත්රපටය නෝලන්ගේම පෙර නිර්මාණයක් වූ ‘ඕපන්හයිමර්’ චිත්රපටයට වඩා 54%ක වේගයකින් ආදායම් වාර්තා අභිබවා යාමයි. ඉදිරි සති අන්තයේදීත් මෙම චිත්රපටයට තරඟකාරී ලෙස තිරගත වන වෙනත් දැවැන්ත චිත්රපට නොමැති වීම නිසා එහි ආදායම තවදුරටත් ඉහළ යනු ඇතැයි බොක්ස් ඔෆිස් විශ්ලේෂකයන් පවසනවා. විශේෂයෙන්ම IMAX සහ PLF තිරවල ප්රදර්ශනය වීම මෙම සාර්ථකත්වයට විශාල රුකුලක් වී තිබෙනවා. නෝලන්ගේ මෙතෙක් වැඩිම ආදායම් ලැබූ ‘ඩාර්ක් නයිට්’ චිත්රපටයේ වාර්තාව පවා බිඳ දැමීමට ‘ද ඔඩිසි’ සමත් වේද යන්න දැන් බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

Discussion & Feedback