අපේ පෘථිවිය අවට අභ්යවකාශයේ සිදුවුණු දැවැන්ත සුපර්නෝවා පිපිරීම් ගැන තොරතුරු සඳ මතුපිට සැඟවී තිබෙන බව විද්යාඥයන් සොයාගෙන තියෙනවා. තරු පිපිරී යාමේදී පිටවන විකිරණශීලී දූවිලි අංශු අභ්යවකාශයේ විසිරී ගොස් සඳ මත තැන්පත් වෙනවා. පෘථිවියේ නම් භූමිකම්පා සහ කාලගුණික විපර්යාස නිසා මෙවැනි පැරණි සාක්ෂි විනාශ වී යනවා. නමුත් සඳ මත වායුගෝලයක් හෝ භූ තැටි චලනයන් නොමැති නිසා, මීට වසර මිලියන 100කට එපිට අතීතයේ සිදුවුණු අභ්යවකාශ සිදුවීම් පවා එහි තැන්පත් වෙලා තියෙනවා.
කෙසේ වෙතත්, සඳ මත නිරන්තරයෙන් සිදුවන උල්කාපාත ගැටීම් නිසා එහි මතුපිට පස් සහ දූවිලි මිශ්ර වී යනවා. මේ ගැටලුව විසඳන්න හවායි විශ්වවිද්යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් අලුත්ම පරිගණක ආකෘතියක් නිර්මාණය කරලා තියෙනවා. මේ ආකෘතිය මගින් සඳේ පස් තට්ටු අතර සැඟවී ඇති සුපර්නෝවා දූවිලි අංශු වෙන් කර හඳුනාගෙන, ඒවා තැන්පත් වුණු කාල වකවානු නිවැරදිව ගණනය කරන්න පුළුවන්. මේ පර්යේෂණය හරහා අපේ සෞරග්රහ මණ්ඩලය මන්දාකිනිය හරහා ගමන් කරන විට සිදුවුණු විශ්මිත අභ්යවකාශ සිදුවීම් ගැන මීට වඩා පැහැදිලි අවබෝධයක් ලබාගන්න විද්යාඥයන්ට හැකි වේවි.

Discussion & Feedback