Marvel සිනමා ලෝලීන් මේ දවස්වල ලොකු කුතුහලයකින් ඉන්නේ Avengers: Doomsday චිත්රපටය ගැන. විශේෂයෙන්ම X-Men කණ්ඩායම මේ චිත්රපටයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. X-Men ’97 දෙවැනි සීසන් එකේ මුල් කොටස් ටික නිකුත් වුණාට පස්සේ රසිකයන්ට අලුත්ම ඉඟියක් ලැබුණා. මේ කතා මාලාවේ එන සංගීත ඛණ්ඩයක් Loki කතා මාලාවේ එන ‘Purpose is Glorious’ සංගීතයට සමාන වීම නිසා, මේ සිදුවීම් සියල්ලම එකම බහු විශ්වයක (Multiverse) එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන බවටයි බොහෝ දෙනා සැක කරන්නේ.
මේ වෙනකොටත් Avengers: Doomsday චිත්රපටයට පැරණි X-Men නළු නිළියන් කිහිප දෙනෙක්ම එකතු වෙන බව තහවුරු වෙලා තියෙනවා. හැබැයි ඔවුන් පරණ චිත්රපටවල හිටපු චරිතම නෙවෙයි කියලා තමයි ආරංචි වෙන්නේ. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් සහ පෙනුම කොමික් පොත්වල තියෙන විදියටම වෙනස් කරලා තියෙන එකෙන් පේන්නේ, මේක අලුත්ම ආරම්භයක් කියන එකයි. විශේෂයෙන්ම Cyclops සහ Beast වැනි චරිතවල වෙනස්කම් දකිද්දී රසිකයන්ට ලොකු උද්යෝගයක් දැනෙනවා.
මේ විදියට Marvel ආයතනය තමන්ගේ සිනමා නිර්මාණ සහ ඇනිමේෂන් කතා මාලා එකිනෙක සම්බන්ධ කරමින් ලොකු සැලැස්මක් ක්රියාත්මක කරන බව පේන්න තියෙනවා. ඉදිරියේදී එන Avengers: Doomsday චිත්රපටයත් එක්ක මේ X-Men කණ්ඩායම කොහොමද ප්රධාන කතාවට එකතු වෙන්නේ කියලා බලාගන්න රසිකයන් ගොඩක් ආසාවෙන් ඉන්නවා. ඇත්තටම මේක Marvel රසිකයන්ට නම් මරුම අවස්ථාවක් වෙයි.

Discussion & Feedback