ඇමසන් ප්‍රයිම් වීඩියෝ හරහා තිරගත වීමට නියමිත ‘ද ලව් හයිපොතෙසිස්’ (The Love Hypothesis) චිත්‍රපටයේ පළමු ට්‍රේලරය මේ වන විට රසිකයන් අතර ලොකු කතාබහක් ඇති කර තිබෙනවා. ඇලි හේසල්වුඩ්ගේ ජනප්‍රිය නවකතාවක් ඇසුරින් නිර්මාණය වන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ලිලී රයින්හාට් සහ ටොම් බෙට්මන් විසින්. විද්‍යාත්මක පසුබිමක ගෙතෙන මෙම කතාව, ව්‍යාජ පෙම් සබඳතාවක් වටා ගොඩනැගෙන රොමෑන්ටික් කොමඩි ගණයේ චිත්‍රපටයක්. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පී.එච්.ඩී. ශිෂ්‍යාවක වන ඔලිව්, තමන්ගේ මිතුරියට පෙම්වතා සිටින බව පෙන්වීමට ගොස්, හදිසියේම මහාචාර්ය ඇඩම් කාල්සන්ව සිප ගැනීමත් සමඟ ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
මෙම සිදුවීමෙන් පසුව ඔවුන් දෙදෙනා අතර ඇතිවන ව්‍යාජ පෙම් සබඳතාව, පසුව සැබෑ ආදරයක් දක්වා වර්ධනය වන ආකාරය ඉතා රසවත්ව මෙහි දැකගන්න පුළුවන්. රංගනය සහ යථාර්ථය අතර සීමාවන් බොඳ වී යන විට, ආදරය වෙනුවෙන් අවදානමක් ගැනීමට ඔලිව් තීරණය කරන ආකාරය චිත්‍රපටයේ ප්‍රධාන තේමාවයි. ක්ලෙයාර් ස්කෑන්ලන් විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය සැප්තැම්බර් 23 වැනිදා සිට ප්‍රයිම් වීඩියෝ ඔස්සේ නැරඹීමට අවස්ථාව ලැබෙනවා. ආදර කතා වලට කැමති අයට මෙය අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් වනු ඇති බවටයි මේ වන විටත් බොහෝ දෙනා පවසන්නේ.

Discussion & Feedback