අයර්ලන්තයේ ටුවම් ප්රදේශයේ පිහිටි මව සහ දරුවන් සඳහා වූ ආයතනයක සිදුවූ අතිශය කම්පනීය සත්ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වූ ‘ද ලොස්ට් චිල්ඩ්රන් ඔෆ් ටුවම්’ (The Lost Children Of Tuam) චිත්රපටයේ පළමු දර්ශන පෙළ මේ වන විට නිකුත් වී තිබෙනවා. ප්රවීණ නිළි මොනිකා ඩෝලන් ප්රධාන චරිතයට පණ පොවන මෙම චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ ෆ්රෑන්ක් බෙරී විසින්. මෙම කතාව ගොඩනැගෙන්නේ කැතරින් කෝලස් නම් ඉතිහාසය පිළිබඳ උනන්දුවක් දක්වන කාන්තාවක්, එම ආයතනයේ භූමියේ සලකුණු නොකළ සොහොන් වල දරුවන් 796 දෙනෙකු පමණ මිහිදන් කර ඇති බව සොයා ගැනීමත් සමඟයි.
මෙම චිත්රපටය තුළින් පල්ලිය සහ රාජ්යයේ නිහඬතාවයට එරෙහිව කැතරින් ගෙන යන අරගලය සහ ඇය මුහුණ දෙන අභියෝග ඉතා සංවේදීව නිරූපණය කෙරෙනවා. ප්රකට නළු ලියම් නීසන් ඇතුළු පිරිසක් නිෂ්පාදනයෙන් දායක වන මෙම සිනමා නිර්මාණය, එළඹෙන ජූලි 11 වනදා ගෝල්වේ චිත්රපට උළෙලේදී ලොව ප්රථම වරට තිරගත වීමට නියමිතයි. අතීතයේ සිදුවූ මෙම බිහිසුණු අසාධාරණය සහ එයින් පීඩාවට පත් පවුල්වල වේදනාව ලෝකයටම පෙන්වා දීමට මෙම චිත්රපටය සමත් වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා.

Discussion & Feedback