චීනයේ පවතින දැඩි ස්ත්‍රී පුරුෂ අනුපාතයේ අසමතුලිතතාවය නිසා විවාහ වීමට නොහැකිව සිටින තනිකඩ පිරිමින් ඉලක්ක කරගෙන අලුත්ම ආකාරයේ වංචාවක් බිහිවෙලා තියෙනවා. වෑන් ෂුවාන්ග් කියන 37 හැවිරිදි පුද්ගලයාත් මේ වංචාවට හසුවුණු එක් අයෙක්. ඔහු තමන්ගේ ජීවිත කාලය පුරාම ඉතිරි කරපු මුදල් ඔක්කොම වියදම් කරලා විවාහ ඒජන්සියක් හරහා තරුණියක්ව විවාහ කරගත්තත්, පසුව දැනගන්න ලැබුණේ ඇය කලින් කිහිප වතාවක්ම විවාහ වුණු, බරපතල රෝගාබාධවලින් පෙළෙන සහ විශාල ණය බරක් තිබෙන කෙනෙක් බවයි. මේ වගේ ‘ක්ෂණික විවාහ’ (flash marriages) දැන් චීනය පුරාම වසංගතයක් වගේ පැතිරෙමින් පවතිනවා.
චීනයේ දශක ගණනාවක් පැවති ‘එක් දරුවෙක් පමණක්’ ප්‍රතිපත්තිය නිසා අද වන විට පිරිමින් මිලියන 30ක් පමණ කාන්තාවන්ට වඩා වැඩිපුර ඉන්නවා. මේ නිසා ගම්බද ප්‍රදේශවල ඉන්න පිරිමින්ට විවාහයක් කරගන්න එක හීනයක් වෙලා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා වංචනික ඒජන්සි, අහිංසක තරුණියන්ව ඇමක් විදිහට පාවිච්චි කරලා පිරිමින්ව රවටනවා. මේ වන විට චීන රජය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. පසුගිය වසරේ පමණක් මෙවැනි වංචා සම්බන්ධයෙන් පුද්ගලයන් 1,500කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, මේ ජාවාරම මැඩපැවැත්වීමට විශේෂ මෙහෙයුම් දියත් කර තිබෙනවා.

Discussion & Feedback