ලොව පුරාම ඉමහත් ජනප්රියත්වයක් දිනාගෙන ඉන්න ‘ද කාර්ඩාෂියන්ස්’ (The Kardashians) රියැලිටි වැඩසටහනේ අටවැනි කතා මාලාව එළඹෙන ඔක්තෝබර් 8 වැනිදා සිට ප්රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව ලැබෙනවා. ඇමරිකාවේ හුලු (Hulu) නාලිකාව හරහාත්, ජාත්යන්තර වශයෙන් ඩිස්නි ප්ලස් (Disney+) හරහාත් මෙය විකාශය කිරීමට නියමිතයි. අලුත්ම ට්රේලරය නිකුත් වීමත් සමඟම රසිකයන් අතර මේ ගැන ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙනවා.
මෙම නව කතා මාලාවේදී කාර්ඩාෂියන් පවුලේ සාමාජිකාවන්ගේ පෞද්ගලික ජීවිතයේ සිදුවන වෙනස්කම් රැසක් බලාගන්න පුළුවන්. විශේෂයෙන්ම කිම් කාර්ඩාෂියන් රෝහල් ඇඳක සිටින දර්ශනයක් ට්රේලරයේ දැක්වෙන අතර, ඇයට ‘එසොෆැගයිටිස්’ (esophagitis) නම් රෝගී තත්ත්වයක් වැළඳී ඇති බවත් එහිදී හෙළි වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ආදර සම්බන්ධතා, පවුලේ අභ්යන්තර ගැටලු සහ ව්යාපාරික කටයුතු ගැනත් මෙවර කතා මාලාවේදී වැඩිපුර කතාබහට ලක් වෙනවා.
ක්රිස් ජෙනර් ඇතුළු කාර්ඩාෂියන් සහෝදරියන් සියලු දෙනාම මේ වැඩසටහනේ විධායක නිෂ්පාදකවරුන් ලෙසත් කටයුතු කරනවා. ආදරය, ස්වාධීනත්වය සහ පවුලේ බැඳීම් වටා ගෙතුණු මේ නව කතා මාලාව, ඔවුන්ගේ ජීවිතවල අලුත් පරිච්ඡේදයක් විවෘත කරන බවයි නිෂ්පාදකවරුන් පවසන්නේ. ඉතින්, මේ පවුලේ අලුත්ම තොරතුරු දැනගන්න කැමති අයට ඔක්තෝබර් 8 වැනිදා ඉඳන් මේ වැඩසටහන නරඹන්න පුළුවන්.

Discussion & Feedback