ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය මගින් මීට වසර දෙකකට පමණ පෙර විශ්වයේ ඈත කෙළවරේ තිබී සොයාගත් ‘කුඩා රතු තිත්’ (Little Red Dots) පිළිබඳව තාරකා විද්යාඥයන් අතර ලොකු කතාබහක් ඇති වුණා. මේවා විශ්වය බිහිවී වසර මිලියන 600කට පමණ පසු බහුලව දක්නට ලැබුණත්, වසර බිලියන 2ක් පමණ ගතවන විට හදිසියේම අතුරුදහන් වී යනවා. මේවා ඇත්තටම කළු කුහරද නැතිනම් වෙනත් අභිරහස් වස්තූන්ද යන්න ගැන විවිධ මත පළ වුණත්, නවතම පර්යේෂණවලින් හෙළි වී තිබෙන්නේ මේවා අතුරුදහන් වී නොමැති බවයි. ඒ වෙනුවට, මේවා කාලයත් සමඟ පරිණාමය වී අද අපට දකින්නට ලැබෙන ‘ගෝලාකාර තරු පොකුරු’ (Globular Clusters) බවට පත්ව ඇති බව විද්යාඥයන් පවසනවා.
මෙම පර්යේෂණ කණ්ඩායමට අනුව, මෙම රතු තිත්වල කේන්ද්රයේ සූර්යයා මෙන් දස දහස් ගුණයක ස්කන්ධයකින් යුත් අතිවිශාල තරු තිබෙන්නට ඇති. මේවා ඉතා කෙටි කාලයක් පමණක් ජීවත් වන අතර, ඒවායේ සිදුවන අධික උෂ්ණත්වයේ න්යෂ්ටික විලයන ක්රියාවලීන් නිසා අද අප දකින තරු පොකුරුවල ඇති අසාමාන්ය රසායනික සංයුතිය නිර්මාණය වී තිබෙනවා. මේ දැවැන්ත තරු සුපර්නෝවා පිපිරීම්වලින් විනාශ වී ගිය පසු, ඉතිරි වන ද්රව්යවලින් අද අප දකින තරු පද්ධති බිහිවී ඇති බවයි විද්යාඥයන් පෙන්වා දෙන්නේ. මේ සොයාගැනීම මගින් විශ්වයේ මුල් අවධියේ පැවති තත්ත්වයන් සහ අද අප දකින තරු පොකුරු අතර ඇති සම්බන්ධය වඩාත් පැහැදිලිව වටහා ගැනීමට හැකිවනු ඇති.

Discussion & Feedback