ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය මගින් මීට වසර දෙකකට පමණ පෙර විශ්වයේ මුල් කාලයේදී හඳුනාගත් ‘කුඩා රතු තිත්’ (Little Red Dots) පිළිබඳව තාරකා විද්යාඥයන් අලුත්ම හෙළිදරව්වක් කර තිබෙනවා. මුලදී මේවා අභිරහස් ලෙස අතුරුදහන් වී යන වස්තූන් ලෙස සැලකුවත්, නවතම පර්යේෂණවලින් පෙනී යන්නේ මේවා ඇත්තටම අතුරුදහන් වී නොමැති බවයි. ඒ වෙනුවට, මේවා කාලයත් සමඟ පරිණාමය වී අද අපට දැකගත හැකි ‘ගෝලාකාර තරු පොකුරු’ (Globular Clusters) බවට පත්ව ඇති බව විද්යාඥයන් විශ්වාස කරනවා.
මෙම රතු තිත්වල හදවතේ සූර්යයා මෙන් දස දහස් ගුණයක ස්කන්ධයකින් යුත් අතිවිශාල තරු තිබෙන්නට ඇති බවයි පර්යේෂකයන් පවසන්නේ. මේවා ඉතා කෙටි කාලයක් පමණක් ජීවත් වන අතර, ඒවායේ සිදුවන අධික උෂ්ණත්වයේ න්යෂ්ටික විලයන ක්රියාවලීන් නිසා අද අප දකින ගෝලාකාර තරු පොකුරුවල ඇති අසාමාන්ය රසායනික සංයුතිය නිර්මාණය වී තිබෙනවා. සරලවම කිවහොත්, මෙම රතු තිත් යනු තරු පොකුරු බිහිවීමේ මූලික අවස්ථාවයි.
අපේ ක්ෂීරපථයේ පවා මෙවැනි තරු පොකුරු විශාල ප්රමාණයක් තිබෙනවා. නමුත් ඒවායේ මූලාරම්භය තේරුම් ගැනීම තාරකා විද්යාඥයන්ට ලොකු අභියෝගයක් වී තිබුණා. දැන් මෙම නව සොයාගැනීමත් සමඟ, විශ්වයේ මුල් කාලයේ තිබූ එම අතිවිශාල තරු මියගොස්, ඒවායින් පිටවූ ද්රව්ය මගින් අද අප දකින තරු පද්ධති නිර්මාණය වූ ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් ලබාගන්න පුළුවන්. මෙය විශ්වයේ පරිණාමය තේරුම් ගැනීමට ලැබුණු තවත් එක් වැදගත් පියවරක්.

Discussion & Feedback