අද වෙනකොට පෘථිවිය වටා කක්ෂගත කරලා තියෙන චන්ද්රිකා ප්රමාණය දිනෙන් දිනම වැඩි වෙමින් පවතිනවා. යුරෝපීය දක්ෂිණ නිරීක්ෂණාගාරයේ (ESO) විද්යාඥයන් අනතුරු අඟවන්නේ, මේ චන්ද්රිකා සංඛ්යාව ලක්ෂයක් ඉක්මවා ගියොත් අපිට පෘථිවියේ ඉඳන් විශ්වය නිරීක්ෂණය කරන එක සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා යන්න පුළුවන් කියලයි. චන්ද්රිකා නිසා ඇතිවෙන ආලෝක දූෂණය සහ ඒවායේ පරාවර්තනය වෙන හිරු එළිය නිසා දුරේක්ෂවලින් ලබාගන්නා දත්ත සම්පූර්ණයෙන්ම විකෘති වෙන්න පටන් ගන්නවා. මේක තාරකා විද්යාවට නම් ඇත්තටම මහා ව්යසනයක්.
විශේෂයෙන්ම Reflect Orbital වගේ සමාගම් අභ්යවකාශයට යවන්න සැලසුම් කරන දැවැන්ත කැඩපත් වැනි චන්ද්රිකා නිසා අහස තවත් දීප්තිමත් වෙන්න පුළුවන්. මේ තත්ත්වය නිසා දුරේක්ෂවලින් ලබාගන්නා දත්තවල ගුණාත්මකභාවය අඩු වෙලා, පර්යේෂණ සඳහා යන කාලය සහ වියදම දෙගුණ තෙගුණ වෙනවා. කලින් නම් නගරවල ආලෝක දූෂණයෙන් බේරෙන්න විද්යාඥයන් කාන්තාර වගේ හුදකලා ප්රදේශවලට ගියා. හැබැයි දැන් අභ්යවකාශයේ තියෙන මේ චන්ද්රිකා නිසා ලෝකේ කොහේ හිටියත් අහස නිරීක්ෂණය කරන එක අභියෝගයක් වෙලා තියෙනවා.
මේ විදිහට චන්ද්රිකා දහස් ගණනක් අහස පුරා විසිරුණොත්, අපිට විශ්වයේ රහස් සොයාගන්න තියෙන අවස්ථාව සදහටම අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා අභ්යවකාශ තාක්ෂණය දියුණු කරන අතරේම, තාරකා විද්යාත්මක නිරීක්ෂණවලට බාධාවක් නොවෙන විදිහට මේ දේවල් පාලනය කරගන්න එක අනාගතයට ගොඩක් වැදගත් වෙනවා.

Discussion & Feedback