ගයි රිචීගේ ජනප්රිය අපරාධ කතා මාලාවක් වන ‘ද ජෙන්ට්ල්මන්’ (The Gentlemen) දෙවන සමය පසුගිය සැප්තැම්බර් 3 වැනිදා නෙට්ෆ්ලික්ස් ඔස්සේ විකාශය ආරම්භ කළා. නමුත් පළමු සමයට සාපේක්ෂව මෙවර ප්රේක්ෂක ප්රතිචාරවල යම් පසුබෑමක් දකින්න ලැබෙනවා. බ්රිතාන්යයේ නිල රූපවාහිනී දත්ත වාර්තා පෙන්වා දෙන්නේ, පළමු සමයේ ආරම්භක කථාංගය මිලියන 3.5ක් නැරඹුවත්, දෙවන සමය නැරඹීමට පැමිණ ඇත්තේ මිලියන 3ක ප්රේක්ෂක පිරිසක් පමණක් බවයි. ඒ අනුව, ප්රේක්ෂකයන් ලක්ෂ පහක පමණ අඩුවීමක් මෙවර වාර්තා වෙනවා.
මෙගන් මාකල් මෙම කතා මාලාවට සම්බන්ධ වන බවට පැතිර ගිය කටකතා සහ ප්රචාරයන් පවා ප්රේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීමට එතරම් උදව් වී නැති බවයි පෙනෙන්නට තිබෙන්නේ. නෙට්ෆ්ලික්ස් දත්තවලට අනුව, පළමු සමයට සාපේක්ෂව දෙවන සමයේ ආරම්භක සති අන්තයේ ප්රේක්ෂකයන්ගේ 50%ක පමණ අඩුවීමක් දක්නට ලැබෙනවා. ‘වෙන්ස්ඩේ’ වැනි අනෙකුත් ජනප්රිය කතා මාලාවලටත් මෙවැනිම ඉරණමක් අත්ව තිබීම විශේෂත්වයක්. කෙසේ වෙතත්, මේ වන විටත් ‘ද ජෙන්ට්ල්මන්’ තුන්වන සමය සඳහා අලුත් කර තිබෙනවා.
තියෝ ජේම්ස් ප්රධාන චරිතය රඟපාන මෙම කතා මාලාව, තම පියාගේ විශාල වතුයාය උරුම කරගන්නා එඩී හොර්නිමන් නම් තරුණයා වටා ගෙතී තිබෙනවා. ඔහුට පසුව දැනගන්න ලැබෙන්නේ එම වතුයාය විශාල ගංජා ව්යාපාරයක කොටසක් බවයි. කතා මාලාවේ ජනප්රියත්වය තරමක් අඩු වුණත්, එහි ඇති කුතුහලය සහ රංගනය නිසා තවමත් බොහෝ දෙනෙක් මෙය නැරඹීමට උනන්දුවක් දක්වනවා.

Discussion & Feedback