ජනප්‍රිය Hinge ආලය යෙදුමේ නිර්මාතෘ ජස්ටින් මැක්ලියෝඩ්, මේ වන විට ‘Overtone’ නමින් අලුත්ම ආලය සේවාවක් ආරම්භ කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 18ක අරමුදලක් ලබාගෙන තිබෙනවා. පසුගිය වසරේ Hinge හි ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවත් වූ මැක්ලියෝඩ්, මෙවර සිය නව ව්‍යාපෘතිය සඳහා Match Group ඇතුළු ප්‍රධාන ආයෝජකයන්ගේ සහය ලබාගෙන තිබීම විශේෂත්වයක්. මෙම නව සේවාව සාමාන්‍ය ආලය යෙදුම්වල තිබෙන ‘ස්වයිප්’ කිරීමේ ක්‍රමයට වඩා වෙනස් වූ, කෘත්‍රිම බුද්ධිය (AI) මගින් හඬ සහ ශ්‍රව්‍ය මාධ්‍ය ඔස්සේ පුද්ගලයන්ව එකිනෙකාට හඳුන්වා දෙන සේවාවක් ලෙසයි සැලකෙන්නේ.
අද වන විට බොහෝ දෙනා සාමාන්‍ය ආලය යෙදුම් භාවිතය නිසා දැඩි මානසික වෙහෙසකට පත්ව සිටින බව සමීක්ෂණවලින් පවා තහවුරු වී තිබෙනවා. මැක්ලියෝඩ් පවසන්නේ Overtone යනු හුදෙක් ඡායාරූප සහ දත්ත මත පදනම් වූ යෙදුමක් නොවන බවයි. ඒ වෙනුවට, පුද්ගලයන්ගේ හඬ සහ ඔවුන්ගේ සැබෑ කතාවලට මුල්තැන දෙමින්, විද්‍යාත්මක පදනමක් සහිතව ගැළපෙන පුද්ගලයන්ව පමණක් හඳුන්වා දීමට මෙහිදී AI තාක්ෂණය යොදා ගන්නවා. මෙහිදී පරිශීලකයන්ට අසීමිත තේරීම් ලබා දෙනවා වෙනුවට, වඩාත් අර්ථවත් සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය පසුබිම සකසා දීම මෙහි අරමුණයි.
මෙම නව සේවාව මේ වසර අගදී යම් යම් ප්‍රදේශවල පමණක් භාවිතයට ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති. විශේෂයෙන්ම, ප්‍රවීණ සබඳතා විශේෂඥ එස්තර් පෙරෙල් ඇතුළු පිරිසක් මෙම ව්‍යාපෘතියේ අධ්යක්ෂ මණ්ඩලයට එක්ව සිටීමෙන් මෙහි ගුණාත්මකභාවය පිළිබඳව වැඩි විශ්වාසයක් ගොඩනැඟී තිබෙනවා. සාම්ප්‍රදායික ආලය යෙදුම්වලින් බැහැරව, වඩාත් පෞද්ගලික සහ අර්ථවත් සම්බන්ධතා සොයන අයට Overtone නව බලාපොරොත්තුවක් වනු නොඅනුමානයි.

Discussion & Feedback