ඇමරිකානු සමාගමක් වන ‘ෆෝටෙරා’ (Forterra) විසින් නිෂ්පාදනය කරන ලද ස්වයංක්‍රීය රොබෝ වාහන 100කට අධික ප්‍රමාණයක් පසුගිය මාස නවය පුරා යුක්රේන යුද බිමේදී සාර්ථකව භාවිත කර තිබෙනවා. මේවා ප්‍රධාන වශයෙන්ම යුද උපකරණ ප්‍රවාහනය කිරීමට සහ තුවාල ලැබූ සොල්දාදුවන් ආරක්ෂිතව ඉවත් කර ගැනීමට යොදා ගන්නා අතර, මේ වන විට මෙහෙයුම් 1,100කට අධික ප්‍රමාණයක් සාර්ථකව නිම කර ඇති බවයි වාර්තා වෙන්නේ. සාමාන්‍යයෙන් යුක්රේන හමුදාව සතු කුඩා රොබෝ වාහනවලට වඩා වැඩි බරක් එනම් කිලෝග්‍රෑම් 750ක් දක්වා ප්‍රවාහනය කිරීමේ හැකියාව මෙම වාහන සතු වීම විශේෂත්වයක්.
කෙසේ වෙතත්, යුද බිමේ පවතින දැඩි අභියෝග හමුවේ මෙම වාහන තවමත් සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන්නේ නැහැ. බොහෝ අවස්ථාවලදී යුක්රේන සොල්දාදුවන් විසින් දුරස්ථ පාලක හරහා මේවා මෙහෙයවනු ලබන්නේ සතුරු ප්‍රහාරවලින් වාහන ආරක්ෂා කර ගැනීමටයි. සතුරා හඳුනාගෙන ක්ෂණිකව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තවමත් මෙම තාක්ෂණය තුළ වර්ධනය විය යුතුව තිබෙනවා. කෙසේ වුවත්, යුද බිමේදී ලැබුණු අත්දැකීම් ඔස්සේ මෘදුකාංග යාවත්කාලීන කරමින් සහ තාක්ෂණික දෝෂ මගහරවා ගනිමින්, අනාගත යුද ගැටුම්වලදී මෙම ස්වයංක්‍රීය වාහනවල කාර්යභාරය තවත් පුළුල් කිරීමට ෆෝටෙරා සමාගම කටයුතු කරමින් සිටිනවා.

Discussion & Feedback