නේපාලය සහ ටිබෙට් දේශසීමාව ආශ්‍රිතව සිදුවූ දරුණු ගංවතුර ව්‍යසනය පිළිබඳව මේ වන විට ලොව පුරා දැඩි කතාබහක් ඇතිවෙලා තියෙනවා. නිකුත් වුණු සීසීටීවී දර්ශනවලින් පේන විදිහට, කළු පැහැති දැවැන්ත ජල කඳක් මඩ, ගල් සහ අයිස් කැබලි සමඟ වේගයෙන් නිම්නය හරහා කඩාගෙන එනවා. මේ දර්ශන ඇත්තටම හරිම බිහිසුණුයි. ගංවතුරට පෙර දේශසීමා සංකීර්ණයේ තිබුණු ගොඩනැගිලි සහ වාහන සියල්ලම පාහේ මේ ජල පහරට හසුවී විනාශ වී ගොස් තිබෙනවා. භූ විද්‍යාඥයන් පවසන විදිහට මේ ප්‍රදේශය ස්වභාවිකවම ඉතා අවදානම් සහගත එකක්. කඳුකරයේ සිට වේගයෙන් ගලා එන ජල පහරවල් සහ විශාල ගල් පර්වත නිසා මෙවැනි විනාශයන් සිදුවීමේ ඉඩකඩ වැඩියි.
සිද්ධිය සිදුවන අවස්ථාවේදී දේශසීමාව හරහා ගමන් කිරීමට විශාල පිරිසක් රැඳී සිටි බව වාර්තා වෙනවා. ඉන්දියානු ජාතිකයන් ඇතුළු විදේශිකයන් විශාල පිරිසක් මේ වන විටත් අතුරුදහන් වෙලා. නේපාල ආගමන විගමන දත්තවලට අනුව, එදින උදෑසන 8.35 පමණ වන විටත් සිය ගණනක් දෙනා දේශසීමාව හරහා යාමට සූදානමින් සිට තිබෙනවා. ආගමන විගමන කාර්යාලයේ සේවකයන් කිහිප දෙනෙකුත් මේ ව්‍යසනයෙන් අතුරුදහන් වී ඇති අතර, ඉන් එක් අයෙකුගේ සිරුරක් පසුව හමුවුණා. මේ වන විටත් අතුරුදහන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වුවත්, සිදුවී ඇති විනාශයේ ප්‍රමාණය හිතාගන්නවත් බැරි තරම් විශාලයි. මේ ව්‍යසනයෙන් දේශසීමාවේ තිබූ පාලම්, මාර්ග සහ විදුලි බලාගාර පවා සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබෙනවා.

Discussion & Feedback