අභ්යවකාශයේ සිට පෘථිවියට සූර්යාලෝකය ලබා දීමේ අලුත්ම තාක්ෂණික පියවරක් විදිහට, ඇමරිකාවේ ‘Reflect Orbital’ සමාගමට ඔවුන්ගේ පළමු අභ්යවකාශ කැඩපත අභ්යවකාශගත කරන්න ඇමරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාවෙන් අවසර ලැබිලා තියෙනවා. ‘Eärendil-1’ ලෙස නම් කරලා තියෙන මේ චන්ද්රිකාව අඩි 60ක් පමණ විශාල පරාවර්තක පෘෂ්ඨයකින් සමන්විතයි. මේ ව්යාපෘතියේ අරමුණ වෙන්නේ 2035 වසර වන විට මෙවැනි චන්ද්රිකා 50,000ක් පමණ පෘථිවි කක්ෂයේ රඳවා, අවශ්ය ඕනෑම වෙලාවක පෘථිවියට හිරු එළිය ලබා දීමයි. මේ හරහා රාත්රී කාලයේදීත් වීදි ආලෝකමත් කරන්න, ගලවා ගැනීමේ මෙහෙයුම් පහසු කරන්න සහ සූර්ය බලශක්ති උත්පාදනය වැඩි කරන්න පුළුවන් වෙනවා.
කෙසේ වෙතත්, මේ ව්යාපෘතිය ගැන විවිධ මතවාද පවතිනවා. විශේෂයෙන්ම තාරකා විද්යාඥයන් පෙන්වා දෙන්නේ මේ කැඩපත් මගින් පෘථිවියට පතිත වන ආලෝකය පූර්ණ චන්ද්රයාගේ ආලෝකයට වඩා හතර ගුණයකින් තීව්ර විය හැකි බවයි. මේ නිසා වන සතුන්ට සහ පරිසර පද්ධතිවලට බලපෑම් ඇති විය හැකි බවට ඔවුන් අනතුරු අඟවනවා. නමුත් මේ චෝදනා ප්රතික්ෂේප කරන ‘Reflect Orbital’ සමාගම පවසන්නේ, තමන්ගේ තාක්ෂණය මගින් ඕනෑම වෙලාවක ආලෝකය පාලනය කිරීමටත්, සංවේදී ප්රදේශ මගහැර යාමටත් හැකියාව ඇති බවයි. මේ අලුත් තාක්ෂණය ලෝකයට සැබෑ දියුණුවක් ගෙන එයිද නැත්නම් පරිසරයට හානියක් වේවිද කියන එක ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි.

Discussion & Feedback