අන්තර්ජාලයේ නිර්මාතෘවරයෙක් ලෙස ලොව පුරා ගෞරවයට පාත්‍ර වූ වින්ටන් සර්ෆ්, ගූගල් සමාගමේ ප්‍රධාන අන්තර්ජාල එවැන්ජලිස්තවරයා (Chief Internet Evangelist) ලෙස දරන තනතුරෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. වසර 20කට අධික කාලයක් ගූගල් සමාගම වෙනුවෙන් සේවය කළ ඔහු, 1970 දශකයේදී අන්තර්ජාලයේ මූලික තාක්ෂණික ප්‍රොටෝකෝල වන TCP/IP නිර්මාණය කිරීමට මූලිකත්වය ගත් පුද්ගලයායි. අද අප භාවිතා කරන අන්තර්ජාලයේ ගමන් මග වෙනස් කළ සර්ෆ්, සිය වෘත්තීය ජීවිතය තුළ ජනාධිපතිවරයාගේ නිදහස් පදක්කම සහ ටියුරින් සම්මානය වැනි ඉහළම ගෞරව සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා.
මෑතකදී පැවති සමුළුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඉදිරියේදී බිහිවන කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිතයන් එකිනෙකා සමඟ සම්බන්ධ වීමේදී වඩාත් නිවැරදි සහ ප්‍රමිතිගත ක්‍රමවේදයක් අවශ්‍ය බවයි. ස්වාභාවික භාෂාව භාවිත කිරීමේදී ඇති විය හැකි අවිනිශ්චිතතා මඟහරවා ගැනීමට නම්, පරිගණක වැඩසටහන් අතර පැහැදිලි ප්රමිතීන් තිබිය යුතු බව ඔහු අවධාරණය කළා. වයස අවුරුදු 83ක් වන සර්ෆ්, තාක්ෂණික ලෝකයේ සුවිශේෂී චරිතයක් මෙන්ම සැමවිටම විධිමත් ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිටින පුද්ගලයෙක් ලෙසත් ප්‍රසිද්ධයි. ඔහුගේ විශ්‍රාම යාම තාක්ෂණික ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයක අවසානයක් ලෙස බොහෝ දෙනා දකිනවා.

Discussion & Feedback