අභ්‍යවකාශ ක්ෂේත්රයේ එලොන් මස්ක්ගේ SpaceX සමාගමට තිබෙන ඒකාධිකාරිය බිඳ දමමින්, යුරෝපය කේන්ද්‍ර කරගත් ‘The Exploration Company’ (TEC) ආයතනය අලුතින් ඩොලර් මිලියන 450ක දැවැන්ත ආයෝජනයක් ලබාගෙන තියෙනවා. යුරෝපීය අභ්‍යවකාශ සමාගමක් මෙතෙක් ලබාගත් විශාලතම මූල්‍ය වටය ලෙස මෙය සැලකෙන අතර, SpaceX සමාගමට විකල්පයක් ලෙස නැවත භාවිත කළ හැකි අභ්‍යවකාශ යානා නිර්මාණය කිරීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණයි. දැනටමත් ඔවුන්ගේ ‘Nyx’ නමැති යානය සඳහා ඩොලර් බිලියන 2කට අධික වටිනාකමකින් යුත් කොන්ත්‍රාත්තු ලැබී තිබීම විශේෂත්වයක්.
මෙම සමාගමේ නායිකාව වන හෙලීන් හුබි පවසන පරිදි, ඔවුන්ගේ ඉලක්කය වන්නේ 2028 වසර වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත භාණ්ඩ ප්‍රවාහනය කර නැවත පෘථිවියට ආරක්ෂිතව පැමිණීමයි. අනාගතයේදී අභ්‍යවකාශයේ දත්ත මධ්‍යස්ථාන සහ අන්තර්ජාල සේවා ව්‍යාප්ත වන විට, දැවැන්ත රොකට් සහ නිරන්තර ගමන් වාර අවශ්‍ය වන නිසා මෙම තාක්ෂණය ඉතා වැදගත් වෙනවා. SpaceX සමාගම ඔවුන්ගේම Starlink ව්‍යාපෘතිය සඳහා වැඩි අවධානයක් යොමු කරන නිසා, ලෝකයට තවත් විකල්ප අවශ්‍ය බව ආයෝජකයින් හොඳින්ම තේරුම් ගෙන තියෙනවා. මේ නිසා ඉදිරි වසර කිහිපය තුළ අභ්‍යවකාශ තරඟය තවත් උණුසුම් වනු ඇති බවට සැකයක් නැහැ.

Discussion & Feedback