ඔන්න විද්යා ප්රබන්ධ රසිකයන්ට ගොඩක් සතුටු වෙන්න පුළුවන් ආරංචියක් ලැබිලා තියෙනවා. ජනප්රිය ‘ද එක්ස්පෑන්ස්’ (The Expanse) කතා මාලාව අවසන් වුණාට පස්සේ ඒ රසිකයන් හිටියේ ලොකු හිස්තැනක. හැබැයි දැන් ඒ හිස්තැන පුරවන්න අලුත්ම වීඩියෝ ගේම් එකක් එන්න ලෑස්ති වෙනවා. ‘ද එක්ස්පෑන්ස්: ඔසිරිස් රිබෝන්’ (The Expanse: Osiris Reborn) නමින් එන මේ අලුත්ම ඇක්ෂන් RPG ගේම් එක 2027 වසරේදී අපිට බලාගන්න පුළුවන් වෙයි කියලා තමයි ආරංචි වෙන්නේ.
මේ ගේම් එකේදී ඔයාලට සිද්ධ වෙන්නේ පින්ක්වෝටර් සිකියුරිටි කුලී හේවායෙක් විදියට සෙල්ලම් කරන්න. එරෝස් ග්රහකයේදී සිද්ධ වෙන අභිරහස් සිදුවීම් මාලාවක් එක්ක ඔයාලට මුළු සෞරග්රහ මණ්ඩලයම වෙලෙන කුමන්ත්රණයකට මැදි වෙන්න වෙනවා. මෙතනදී ඔයාලට තමන්ගේම කැප්ටන් කෙනෙක් නිර්මාණය කරලා, දක්ෂ කණ්ඩායමක් එක්ක ගමනක් යන්න පුළුවන්. විශේෂයෙන්ම මේකේ තියෙන තීරණ ගැනීමේ හැකියාව සහ කණ්ඩායම් සාමාජිකයන් එක්ක තියෙන බැඳීම් නිසා මේක ගොඩක් රසවත් අත්දැකීමක් වෙයි.
මේ ගේම් එකේ සටන් ක්රම සහ කතාව ගලාගෙන යන විදිය ගොඩක් දුරට ජනප්රිය ‘මැස් ඉෆෙක්ට්’ ගේම් එකට සමානයි කියලා තමයි ආරංචි වෙන්නේ. ගනිමීඩ්, සෙරෙස්, අඟහරු වගේ ප්රසිද්ධ ස්ථාන ගොඩක් මේකේ දකින්න ලැබෙනවා. 2027 දෙවැනි කාර්තුවේදී මේක එළිදැක්වීමට නියමිත වුණත්, තාම නිශ්චිත දිනයක් නම් ප්රකාශ කරලා නැහැ. කොහොම වුණත්, මේ ගේම් එක එනකම් බලාගෙන ඉන්න රසිකයන්ට නම් මේක ඇත්තටම සුපිරි තෑග්ගක් වේවි.

Discussion & Feedback