මේ දවස්වල හොලිවුඩ් සිනමාව ගැන කතා කරනකොට හැමෝම වගේ අවධානය යොමු කරලා තියෙන්නේ අලුතින් එන්න තියෙන ‘ද එන්ඩ් ඔෆ් ඕක් ස්ට්‍රීට්’ (The End of Oak Street) කියන සිනමාපටය ගැනයි. ප්‍රවීණ නිෂ්පාදක ජේ.ජේ. ඒබ්රම්ස්ගේ දායකත්වයෙන් නිර්මාණය වුණු මේ චිත්‍රපටය, ‘ජුරාසික් පාර්ක්’ සහ ‘ද ට්වයිලයිට් සෝන්’ කියන නිර්මාණවල එකතුවක් වගේ කියලා තමයි ආරංචි වෙන්නේ. ඊවන් මැක්ග්‍රෙගර් සහ ඈන් හැත්වේ ප්‍රධාන චරිත රඟපාන මේ කතාවේදී, සාමාන්‍ය නගරයක ජීවත් වෙන පවුලක් හදිසියේම ඩයිනෝසෝරයන් ගැවසෙන ප්‍රාථමික යුගයකට ප්‍රවාහනය වෙනවා. මේ අමුතු සිදුවීමත් එක්ක ඔවුන් තමන්ගේ ජීවිත බේරගන්න කරන අරගලය තමයි චිත්‍රපටය පුරාම දකින්න ලැබෙන්නේ.
ඩේවිඩ් රොබට් මිචෙල් විසින් අධ්‍යක්ෂණය කරන මේ සිනමාපටය අගෝස්තු 14, 2026 දින තිරගත වීමට නියමිතයි. මේ චිත්‍රපටයේ ට්‍රේලරය දැනටමත් මිලියන 30කට අධික පිරිසක් නරඹලා තියෙනවා. සාමාන්‍ය නිවාස වටපිටාවක ඩයිනෝසෝරයන් දඟලන දර්ශන ඇතුළත් මේ නිර්මාණය, මේ වසරේ ගිම්හාන සමයේ වැඩිම ආදායමක් ලබන චිත්‍රපටය වෙන්න පුළුවන් කියලා තමයි සිනමා විචාරකයෝ කියන්නේ. ඒ නිසා ඔයාලත් මේ අලුත්ම අත්දැකීම විඳගන්න අගෝස්තු මාසය එනකම් බලාගෙන ඉන්න.

Discussion & Feedback