ප්රසිද්ධ නිළි රෙබෙල් විල්සන්ගේ අධ්යක්ෂණයෙන් එළිදැක්වුණු ‘ද ඩෙබ්’ චිත්රපටය සම්බන්ධයෙන් නිර්මාණය වූ නීතිමය ගැටුම තවමත් අවසන් වී නැහැ. මීට පෙර ඔස්ට්රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් රෙබෙල් විල්සන් චාලට් මැකිනස්ට අපහාස කර නැති බවට තීන්දු කළත්, චාලට් මැකිනස් එම තීන්දුවට එරෙහිව මේ වන විට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. මැකිනස් පවසන්නේ විල්සන් සමාජ මාධ්ය ඔස්සේ තමාගේ කීර්ති නාමයට හානි කළ බවත්, අධිකරණය එම කරුණු නිසි ලෙස සලකා බැලුවේ නැති බවත්ය. විශේෂයෙන්ම විල්සන් අසත්ය සාක්ෂි ලබා දුන් බවත්, අදාළ ලේඛන වසන් කළ බවත් ඇය සිය අභියාචනයෙන් චෝදනා කරනවා.
මෙම ආරවුලට මුල් වී ඇත්තේ 2023 වසරේදී සිදුවූ බව කියන සිදුවීමක්. චිත්රපට නිෂ්පාදක අමන්දා ගෝස්ට් සහ මැකිනස් අතර සිදුවූ නාන කාමර සිදුවීමක් සම්බන්ධයෙන් රෙබෙල් විල්සන් සමාජ මාධ්ය ඔස්සේ අදහස් දක්වා තිබුණා. මැකිනස් තමන්ට අපහසුවක් දැනුණු බව විල්සන්ට පැවසුවත් පසුව වෘත්තීය වාසි ලබා ගැනීම සඳහා ඇය එම ප්රකාශය වෙනස් කළ බව විල්සන් චෝදනා කළා. කෙසේ වෙතත්, විනිසුරු එලිසබෙත් රේපර් සඳහන් කළේ මැකිනස්ගේ සහ අනෙක් පාර්ශ්වයන්ගේ සාක්ෂි පිළිබඳව තමන්ට සැකයක් ඇති බවත්, කෙසේ වෙතත් විල්සන්ගේ ක්රියාකලාපය ඇය පැවසූ කරුණු සමඟ ගැලපෙන බවත්ය. මේ වන විට ‘ද ඩෙබ්’ චිත්රපටයේ නිෂ්පාදකයින් ද විල්සන්ට එරෙහිව ලොස් ඇන්ජලීස් අධිකරණයේ වෙනත් නඩුවක් පවරා තිබෙනවා. ඉදිරියේදී මෙම නීතිමය සටන තවත් උණුසුම් වනු ඇති බවයි වාර්තා වන්නේ.

Discussion & Feedback