ලොව පුරා රසිකයන් අතර ජනප්රියත්වයට පත් ‘ද ක්රෝ ගර්ල්’ (The Crow Girl) බ්රිතාන්ය අපරාධ කතා මාලාවේ දෙවන සමය ඉතා ඉක්මනින් ප්රේක්ෂකයන් අතරට පැමිණීමට නියමිතයි. පැරාමවුන්ට් ප්ලස් (Paramount+) හරහා විකාශය වන මෙම කතා මාලාවේ දෙවන සමය එළඹෙන ජූලි 20 වනදා සිට එක්සත් රාජධානිය සහ අයර්ලන්තය තුළ නැරඹීමේ අවස්ථාව උදාවෙනවා. මේ වන විට නිකුත් කර ඇති නවතම ට්රේලරය මගින් කතාවේ කුතුහලය දනවන සුළු සිදුවීම් මාලාවක් පිළිබඳ ඉඟි ලබා දී තිබෙනවා.
මෙම කතා මාලාවේ ප්රධාන චරිත ලෙස ඊව් මයිල්ස් සහ කැතරින් කෙලී නැවතත් රංගනයෙන් දායක වන අතර, මෙවර කතාව දිවෙන්නේ සරණාගත තරුණයන් පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධියක් වටායි. පල්ලියක බිත්තියක් තුළ තිබී හමුවන මමියක් සහ ශීතකරණයක තිබී හමුවන තවත් මළ සිරුරක් නිසා පරීක්ෂණ කටයුතු වඩාත් සංකීර්ණ වන ආකාරය මෙහි දැකගන්න පුළුවන්. විශේෂයෙන්ම වෛද්ය සොෆියා ක්රේවන් තම හිටපු රෝගියෙකු වන වික්ටෝරියා බර්ක්මන් ගැන සැක පහළ කිරීමත් සමඟ කතාවේ උණුසුම තවත් වැඩි වෙනවා.
මිලී තෝමස් විසින් රචනා කර ඇති මෙම කතා මාලාව, එරික් ඇක්සල් සන්ඩ්ගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය වී තිබෙනවා. කොටස් හයකින් සමන්විත මෙම අපරාධ කතා මාලාව රසිකයන්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙනු ඇති බවටයි නිෂ්පාදකයන් විශ්වාස කරන්නේ. ඔබත් අභිරහස් සහ අපරාධ කතා වලට කැමති කෙනෙක් නම්, මෙම නවතම සමය මග නොහැර නරඹන්න පුළුවන්.

Discussion & Feedback