ඇමරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ පිහිටි රජයට අයත් ස්වභාවික රක්ෂිත භූමියක් ස්පේස්-එක්ස් (SpaceX) සමාගමට ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මේ වන විට දැඩි විරෝධයක් මතුවෙලා තියෙනවා. අක්කර 727ක මෙම භූමිය ස්පේස්-එක්ස් සමාගමේ රොකට් අත්හදා බැලීම් සඳහා ලබාදීමට ඇමරිකානු මත්ස්ය හා වනජීවී සේවය පියවර ගෙන තිබුණත්, පරිසරවේදීන් සහ දේශීය ගෝත්රික කණ්ඩායම් පවසන්නේ මෙය නීති විරෝධී සහ පරිසරයට දැඩි හානි සිදුකරන ක්රියාවක් බවයි. මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින අතර, එම ඉඩම් හුවමාරුව වහාම නතර කරන ලෙස ඉල්ලා ඔවුන් හදිසි නියෝගයක්ද ලබාගෙන තිබෙනවා.
මෙම ප්රදේශය ස්පේස්-එක්ස් සමාගමේ ‘ස්ටාර්ෂිප්’ රොකට් අත්හදා බැලීම් සිදුකරන ස්ථානයට ආසන්නව පිහිටා තිබීම නිසා එහි වෙසෙන වන සතුන්ට සහ පක්ෂීන්ට විශාල තර්ජනයක් එල්ල වී ඇති බවයි පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ. විශේෂයෙන්ම රොකට් දියත් කිරීම් හේතුවෙන් අවට ඇති පක්ෂි කූඩු විනාශ වී යන බව පර්යේෂණවලින් පවා තහවුරු වෙලා තියෙනවා. ඊට අමතරව, මෙම ඉඩම් අතර ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථාන පවා තිබීම තවත් ගැටලුවක් බව ඔවුන් පවසනවා. බලධාරීන් ඉතා ඉක්මනින් මෙම ගනුදෙනුව අවසන් කිරීමට උත්සාහ කරන්නේ නීතිමය ක්රියාමාර්ගවලින් බේරීමට බවටත් චෝදනා එල්ල වෙනවා. කෙසේ වෙතත්, මෙම ස්වභාවික සම්පත් වරප්රසාද ලත් සමාගමකට ලබාදීමෙන් සිදුවන විනාශය කිසිදා යථා තත්ත්වයට පත් කළ නොහැකි බවයි පරිසරවේදීන් අවධාරණය කරන්නේ.

Discussion & Feedback