රයන් මර්ෆි සහ මැතිව් හොජ්සන්ගේ නිර්මාණයක් වන ‘ද බියුටි’ (The Beauty) කතාමාලාව මේ වන විට තාවකාලිකව නතර කර තිබෙනවා. ජෙරමි හන් සහ ජේසන් ඒ. හර්ලිගේ කොමික් පොත් මාලාවක් ඇසුරින් නිර්මාණය වූ මෙම විද්යා ප්රබන්ධ ත්රාසජනක කතාමාලාවට සම්බන්ධ වී සිටි ප්රධාන නළු නිළියන්ගේ ගිවිසුම් කාලය අවසන් වීමත් සමඟ ඔවුන් වෙනත් ව්යාපෘති සඳහා යොමු වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ප්රධාන චරිත නිරූපණය කළ ඉවාන් පීටර්ස් සහ රෙබෙකා හෝල් ඇතුළු පිරිස මේ වන විට වෙනත් නිර්මාණ සඳහා එක්වෙමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
මෙම කතාමාලාව තුළින් නිරූපණය වුණේ ලිංගිකව සම්ප්රේෂණය වන වෛරසයක් හේතුවෙන් මිනිසුන්ගේ පෙනුම අතිශය සුන්දර ලෙස වෙනස් වන නමුත්, ඉන් පසුව ඇති වන බිහිසුණු ප්රතිවිපාක පිළිබඳ කතාවක්. පළමු කතා සමය අවසානයේදී ප්රේක්ෂකයන් කුතුහලයට පත් කරමින් විශාල අභිරහසක් ඉතිරි කළත්, දෙවන කතා සමයක් සඳහා දැනට කිසිදු සැලසුමක් නොමැති බවයි FX නාලිකාව පවසන්නේ. විශාල වියදමක් දරා යුරෝපයේ විවිධ ස්ථානවල රූගත කිරීම් සිදු කළ මෙම කතාමාලාව ආරම්භයේදී යම් සාර්ථකත්වයක් ලැබුවත්, පසුව රයන් මර්ෆිගේම තවත් නිර්මාණයක් වන ‘ලව් ස්ටෝරි’ (Love Story) හමුවේ එය පසුබෑමකට ලක් වුණා.
කෙසේ වෙතත්, මෙම කතාමාලාවේ ස්වභාවය අනුව නළු නිළියන් වෙනස් වුවද අනාගතයේදී එය නැවත ආරම්භ කිරීමට හැකියාවක් පවතිනවා. නමුත් දැනට පවතින තත්ත්වය අනුව ‘ද බියුටි’ රසිකයන්ට දෙවන කතා සමයක් බලාපොරොත්තු වීම තරමක් අපහසු වී තිබෙනවා.

Discussion & Feedback