ජනප්රිය ‘ද බෙයාර්’ (The Bear) කතා මාලාව පසුගියදා ඉතාමත් සංවේදී ලෙස අවසන් වුණා. එහි අවසාන කොටස වන ‘ද ඔරිජිනල් බීෆ් ඔෆ් චිකාගෝලන්ඩ්’ හිදී, කතා මාලාවේ රංගනයෙන් දායක වූ ප්රවීණ නළු රොබ් රයිනර් වෙනුවෙන් ඉතාමත් සියුම් නමුත් අර්ථවත් උපහාරයක් එක් කිරීමට නිර්මාණකරුවන් කටයුතු කර තිබුණා. කතාවේ එන එබ්රා නම් චරිතය, අවන්හල පුළුල් කිරීමේ කටයුතු සඳහා රොබ් රයිනර් නිරූපණය කළ ඇල්බට් නම් උපදේශකවරයාට දුරකථන ඇමතුමක් ලබා දෙන දර්ශනයක් මෙහිදී දැකගන්න ලැබෙනවා.
මෙම දර්ශනයේදී එබ්රා, රොබ් රයිනර් අධ්යක්ෂණය කළ සුප්රසිද්ධ ‘ද ප්රින්සස් බ්රයිඩ්’ චිත්රපටයේ එන ජනප්රිය දෙබසක් වන “As you wish” යන වචන පෙළ භාවිතා කරමින් ඇල්බට් සමඟ සංවාදයේ යෙදෙනවා. මෙය රොබ් රයිනර්ගේ සිනමා දිවියට කරන ලද ගෞරවයක් ලෙසයි රසිකයන් දකින්නේ. පසුගිය වසරේදී ‘ද බෙයාර්’ කතා මාලාවේ සිව්වන වාරයේ කොටස් තුනකට රොබ් රයිනර් රංගනයෙන් දායක වුණා.
කෙසේ වෙතත්, මෙම උපහාරය වඩාත් සංවේදී වන්නේ රොබ් රයිනර්ගේ පෞද්ගලික ජීවිතයේ සිදුවූ ඛේදනීය සිදුවීම් මාලාව නිසයි. ඔහුගේ පුත් නික් රයිනර් විසින් සිය දෙමාපියන් ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇති අතර, මේ වන විට එම නඩු කටයුතු අධිකරණයේ විභාග වෙමින් පවතිනවා. මෙවැනි අසීරු කාලයකදී, කතා මාලාවේ නිර්මාණකරුවන් මෙලෙස රොබ් රයිනර්ව සිහිපත් කිරීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

Discussion & Feedback