ලොව පුරාම රසිකයන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ‘ද බැට්මෑන් පාට් 2’ චිත්රපටය ගැන අලුත්ම ආරංචියක් මේ දවස්වල සිනමා ලෝකයේ ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. අධ්යක්ෂ මැට් රීව්ස් විසින් චිත්රපටයේ රංගන ශිල්පීන් ගැන ඉඟි පළ කළත්, පළමු චිත්රපටයේ කැට්වුමන් ලෙස රඟපෑ සෝයි ක්රැවිට්ස්ගේ නම ඒ ලැයිස්තුවේ කොහෙත්ම දකින්න ලැබුණේ නැහැ. මේ නිසා ඇය දෙවන කොටසට සම්බන්ධ වෙන්නේ නැති බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. පළමු චිත්රපටයේ අවසානයේදීත් ඇය ගෝතම් නගරයෙන් පිටව යන බව පවසා තිබුණ නිසා, ඇය නැවත නොපැමිණීම කතාවේ ගලායාමටත් ගැලපෙන බවයි බොහෝ දෙනා කියන්නේ.
කෙසේ වෙතත්, මේ චිත්රපටයට අලුතින්ම සෙබස්තියන් ස්ටෑන් සහ ස්කාර්ලට් ජොහැන්සන් වැනි ප්රබල නළු නිළියන් එකතු වෙලා ඉන්නවා. විශේෂයෙන්ම ස්කාර්ලට් ජොහැන්සන් රඟපාන ගිල්ඩා ඩෙන්ට්ගේ චරිතය, කැට්වුමන්ගේ හිඩැස පුරවමින් කතාවේ ප්රධාන කාන්තා චරිතය බවට පත්වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. හාවි ඩෙන්ට්ගේ බිරිඳ ලෙස ඇය බෲස් වේන්ගේ ජීවිතයටත් ලොකු බලපෑමක් කරන චරිතයක් වෙන්න පුළුවන්. 2027 ඔක්තෝම්බර් මාසයේදී තිරගත වීමට නියමිත මේ චිත්රපටය ගැන තවමත් බොහෝ දේවල් රහසක් ලෙස තබාගෙන සිටියත්, රසිකයන් නම් මේ වෙනස්කම් දෙස බලා සිටින්නේ ලොකු කුතුහලයකින්.

Discussion & Feedback