ජනප්රිය ගායක D4vd හෙවත් ඩේවිඩ් ඇන්තනි බර්ක් විසින් ඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇති 14 හැවිරිදි සෙලෙස්ටේ රිවාස් හර්නැන්ඩස්ගේ ජීවිතයේ අතිශය කම්පන සහගත තොරතුරු රැසක් අධිකරණයේදී අනාවරණය වුණා. ඇය සහ ගායකයා අතර හුවමාරු වූ කෙටි පණිවිඩවලින් හෙළි වී තිබෙන්නේ, ඇය ගැබ්ගෙන සිටි බවත් ඒ හේතුවෙන් ඇය ගබ්සාවක් සිදු කරගෙන ඇති බවත්ය. මෙම දැරියට වයස අවුරුදු 11ක්ව තිබියදී ගායකයා ඇයව අන්තර්ජාලය හරහා හඳුනාගෙන ඇති අතර, පසුව ඔහු ඇයව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවටයි පැමිණිලිකාර පාර්ශ්වය චෝදනා කරන්නේ.
අධිකරණයේදී ඉදිරිපත් කළ සාක්ෂිවලට අනුව, තමන්ගේ වෘත්තීය ජීවිතය විනාශ කරන බවට දැරිය තර්ජනය කිරීම නිසා ඔහු ඇයව ඝාතනය කර ඇති බවට සැක කෙරෙනවා. ඇයගේ මරණයෙන් පසු ඇගේ සිරුර ගායකයාගේ ටෙස්ලා රථයේ තිබී සොයා ගත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීයි. දැරියගේ මව අධිකරණයේදී දැඩි කම්පනයට පත් වූ අතර, ගායකයාගේ දුරකථනයේ තිබී හමුවූ ඡායාරූප සහ පණිවිඩ මගින් ඔහු ඇයව දිගින් දිගටම අපයෝජනයට ලක් කළ බව තහවුරු වන බවයි පොලිසිය පවසන්නේ. මේ වන විට ඔහුට එරෙහිව මිනීමැරුම් සහ ළමා අපයෝජන ඇතුළු බරපතළ චෝදනා හතක් යටතේ නඩු විභාගය පැවැත්වෙනවා.
මෙම සිදුවීම ලොව පුරා සංගීත ලෝලීන් අතර විශාල කතාබහක් ඇති කර තිබෙන අතර, තරුණ දැරියකගේ ජීවිතය මෙවැනි අවාසනාවන්ත ඉරණමකට ලක්වීම පිළිබඳව බොහෝ දෙනා කම්පනයට පත්ව සිටිනවා. ගායකයා තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා ප්රතික්ෂේප කරමින් තමන් නිර්දෝෂී බව පවසනවා.

Discussion & Feedback