ටෙස්ලා වැනි විදුලි මෝටර් රථවල දොරවල් විවෘත කිරීමේදී ඇති වන තාක්ෂණික ගැටලු නිසා මගීන්ට වාහනය තුළ සිරවීමේ අවදානමක් මතුවෙලා තියෙනවා. විශේෂයෙන්ම ටෙස්ලා රථවල තියෙන ඉලෙක්ට්‍රොනික දොර හැන්ඩ්ල් පද්ධතියේ දෝෂ නිසා හදිසි අවස්ථාවකදී වාහනයෙන් පිටවීමට නොහැකිව මගීන් අපහසුතාවයට පත් වූ සිදුවීම් කිහිපයක්ම වාර්තා වුණා. මේ නිසා ඇමරිකාවේ මාර්ග ආරක්ෂණ අධිකාරිය (NHTSA) තීරණය කරලා තියෙනවා මෝටර් රථ නිෂ්පාදකයින් සඳහා දොරවල් විවෘත කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් නව ආරක්ෂක නීති මාලාවක් හඳුන්වා දෙන්න.
මේ වන විටත් ටෙස්ලා රථවල දොරවල් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙන අතර, වාහනයේ බැටරි පද්ධතියේ වෝල්ටීයතාවය අඩු වූ විට දොර හැන්ඩ්ල් නිසි ලෙස ක්‍රියා නොකිරීම ප්‍රධාන ගැටලුවක් බවයි හඳුනාගෙන තියෙන්නේ. මේ තත්ත්වය මත, ඉදිරියේදී සියලුම මෝටර් රථ නිෂ්පාදකයින්ට තම වාහනවල දොරවල් හදිසි අවස්ථාවකදී පහසුවෙන් විවෘත කළ හැකි ආකාරයට සකස් කිරීමට සිදුවනු ඇති. දැනටමත් රිවියන් (Rivian) වැනි සමාගම් තම වාහනවල දොර හැන්ඩ්ල් සැලසුම් වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම නීති ක්‍රියාත්මක කිරීමේ මූලික අදියරේ පමණක් පවතින බවත්, එයින් අදහස් කරන්නේ වහාම නීති වෙනස් වන බවක් නොවන බවත් බලධාරීන් පවසනවා. කෙසේ වුවද, මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෝටර් රථ තාක්ෂණයේ මෙවැනි වෙනස්කම් සිදු කිරීම අත්‍යවශ්‍ය පියවරක් බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback